අග්‍රාමාත්‍ය ධූරය ලබා ගැනිමට කැමත්ත පළ කිරීම සදහා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමාද වු බව පැවසුවාත් එය අසත්‍යයක් බවත් රාජපක්ෂවරුන්ගේ තේරීම වුයේ රනිල් වික්‍රමසිංහ මහතා බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසයි .

ඔහු කියා සිටියේ රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍ය ධුරය ලබා දීමට මිට සති දෙකක සිට රාජපක්ෂවරු කතිකාවක් අරඹා ඇති බවයි .

ගිය යහපාලන ආණ්ඩුවේ දී රාජපක්ෂවරුන් නඩු වහන්න කටයුතු කළ මුලික පුද්ගලයන් දෙදෙනා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා හා මෛත්‍රීපාල සිරිසේන මහතා බව රාජිත සේනාරත්න මහතා කියා සිටියේය .

එමනිසා එදා හොරු ඇල්ලීම කටයුත්ත සාර්ථකව කර ගැනිමට නොහැකි වුණු නිසා යහපාලන ආණ්ඩුවට ජනතා විරෝධතාවයක් පැමිණි බව ද, මන්ත්‍රීවරයා කියා සිටියේය .

මෙසේ කියා සිටියේ අද විපක්ෂ නායක කාර්‍යලයේ පැවති මාධ්‍ය හමුවට එක් වෙමින් ය.

සටහන – CJ