සමගි ජන සන්ධානයේ මහනුවර දිස්ත්‍රික්කයේ ගම්පොළ මැතිවරණ බල ප්‍රදේශයට සහ කොළඹ දිස්ත්‍රික්කයේ උතුරු කොළඹ මැතිවරණ බල ප්‍රදේශයට නව සංවිධායකවරුන් දෙදෙනකු පත් කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කර තිබේ.

ඒ අනුව සමගි ජන සන්ධානයේ මහනුවර දිස්ත්‍රික්කයේ ගම්පොළ මැතිවරණ බල ප්‍රදේශයේ සංවිධායකවරයා ලෙස ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතාත් සමගි ජන සන්ධානයේ කොළඹ දිස්ත්‍රික්කයේ උතුරු කොළඹ මැතිවරණ බල ප්‍රදේශයේ සංවිධායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතාත් පත් කර තිබේ.