ජනාධිපතිවරයා උපදෙස් පරිදි පොලිසිය විසින් ලබා දුන් නියෝග පසකලා මිරිහාන ජුබිලි කණුව ප්‍රදේශයේ දේශීය කිරිපිටි අලෙවිසැල ඉදිරිපිට යළිත් කිරිපිටි පෝලිම් ඇතිව තිබේ.
මේ සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ හෝමාගම ප්‍රධාන සංවිධායක එරන්ද වැලිඅංගේ මහතා සිය මුහුණ පොතේ තබා ඇති සටහන මෙසේය .
එමෙන්ම අලු යට ඇති ගිනි පුපුරු නිවි නිවි තිබෙන්නේ නැත.ගිනියම් වෙමින් මහා ගින්නකට එය පෙර නිමිති කියනු ඇත.
සාමාන්‍ය මිනිසුන්ගේ හැඟීම්ද ඒ හා සමානය.ජනාධිපති නොව වෙන කවරෙකුට වුවද ඒ හැඟීම් සමඟ සෙල්ලම් කල නොහැක.
පොඩි එකා බඩගින්නේ අඬන විට දෙමව්පියන්ට දැනෙන වේදනාවට අලගු තබන්නට කිසිවෙකුටත් නොහැක.
ඉතින්..පෝලිම් විසුරුවා හැර,කඩවල් වසා දමා ,ජනතා විරෝධය අකුලන්නට බැරි බව දැන් වත් ආණ්ඩුව තේරුම් ගත යුතුය.