වත්මන් රජය නීතියට පටහැනිව තමන්ගේ බලය පවත්වාගැනීමට හැකි උපරිම උපක්‍රම යොදමින් සිටින අතර පාර්ලිමේන්තුවේ බහුතර බලයකින්, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයකින්, ජනමත විචාරණයකින් හෝ  ජනාධිපතිවරණය නොපැවැත්වීමට නීතියේ සිදුරක් තිබෙනවාද යන වග රජය මේ වන විට සොයාබලමින් සිටින බව මහාචාර්ය ජී එල් පීරිස් මහතා පවසනවා.

පසුගිය දා රජයේ පාර්ශවයන් විසින් නින්දිත ලෙස පාර්ලිමේන්තුව තුළ දී විනිශ්‍යකාරවරුන්ට අවමාන කළ බවත් ඒ හරහා සැමට සාධාරණ අයිතිවාසිකම් ලබාදෙමින් යුක්තිසහගතව පැවැත්විය යුතු මැතිවරණය නිශේධ කිරීමට රජය කටයුතු කරන බවත් මේ ආකාරයෙන් රටේ ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කරන ආයතන මර්ධනය කිරීමට රජය ගන්න ක්‍රියාමාර්ග හෙළාදකින බවත් මහාචාර්යවරයා සඳහන් කරනවා.

පසුගියදා පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කරගැනීම මගින් මිලියන 8600ක් සංවර්ධන ව්‍යාපෘති මුවාවෙන් ජනාධිපතිවරයාගේ ඍජු පාලනයට ලබාදීමට කටයුතු කර තිබෙන එම යෝජනාව හරහා රටක් ලෙස ණයට ගන්නා මුදල් හෝ ජනාධිපතිවරයාට තනිව පාලනය කල හැකි අතර එය හුදෙක්ම මෙම මුදල් ඡන්ද ව්‍යාපාරය සඳහා යොදා ගැනීමට සැලසුම් කර තිබෙන බවත් මෙහිදී ජී එල් පීරිස් මහතා අවධාරණය කර සිටියේය.

වසර ගණනාවක් රට තුල කැබිනට් ඇමතිකම්, අගමැතිකම් හොබවමින් බලයේ සිටි රනිල් වික්‍රමසිංහ මෑත කාලයක සිට ජනතාවට ආදරයක් ඇතිවී තිබෙන අතර ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් බෙදන සංස්කෘතිය දිගින් දිගටම පවත්වාගෙන යන බවයි මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජී එල් පීරිස් මහතා කියා සිටියේ.