ජනාධිපති රනිල් වික‍්‍රමසිංහගේ නම විකුණා මරදාන අලෙවි මව්ලානා උත්සව ශාලාව එක්සත් ජාතික පක්ෂයේ මැද කොළඹ සංවිධායක කිත්සිරි රාජපක්ෂ බලහත්කාරයෙන් අත්පත් කරගෙන ඇතැයි කියමින් එම ප්‍රදේශවාසීන් පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලයට ලිපියක් භාර දී තිබේ.

කොළඹ මහ නගර සභාවේ ප්‍රතිපාදන යටතේ මැද කොළඹ ආසනයේ අඩු ආදායම්ලාභීන්ගේ පරිහරණයට ආනෝල්ඩ් රත්නායක මාවතේ ඉදිකර ඇති මෙම ගොඩනැඟිල්ල මෙසේ අත්පත්කර ගැනීමෙන් ප්‍රදේශයේ ආගමික සහජීවනයට හා එකමුතුකමට හානියක් සිදුවන බවද එම ලිපිය මඟින් පෙන්වා දී ඇත.

අදාළ ප්‍රාදේශීය දේශපාලනඥයා මේ වන විට එම ඉඩම තුළ අනවසර ඉදිකිරීම් කරමින් සිටින බවද, උත්සව ශාලාවේ නාම පුවරුව ගලවා දමා, තාප්පයක් ඉදිකර, ගේට්ටු සවිකර ඇතැයිද එහි සඳහන් කර තිබේ.

ඉහත සඳහන් රනිල් වික්‍රමසිංහගේ සමීපතමයෙක් වන එක්සත් ජාතික පක්ෂයේ මැද කොළඹ සංවිධායක කිත්සිරි රාජපක්ෂ යන පුද්ගලයාට මිට පෙරද විවිධ චෝදනා එල්ල වී තිබෙන අතර 2023/02/04 දින සාමකාමී සත්‍යග්‍රහයකට පහරදීම හේතුවෙන් ද මොහුට චෝදනා එල්ල වී තිබේ.

එම සිද්ධියට අදාල වීඩියෝපටය මෙතනින් නරඹන්න