ඉතිහාසයේ සෑම දේශපලන පක්යෂක්ම බලය ලබාගත්තේ ලස්සන වචන උපයෝගී කරගනිමින් බවත් එවන් වචන උපයෝගී කරගනිමින් ප්‍රතිපත්ති තම අතිනුත් ලියැවී ඇති බවත් ලස්සන වචන තිබුනට වැඩපිළිවෙලක් නොතිබූ බවත් නිදහස් ජනතා සභාවේ නියෝජිත ඩලස් අලහප්පෙරුම පවසනවා.

ඔහු වැඩිදුරටත් පවසන්නේ රනිල් වික්‍රමසිංහ 2015 අගමැති සමයේදීත් 2020 වසර වන විට ණය නැති රටක් නිර්මාණය කරන බව පැවසූ නමුත් ඒ කිසිවක් කිරීමට ඔහු සමත් නැති බවත් වර්තමානයේදීත් ඔහු 2048 වන විට රට සංවර්ධනය කරන බව පැවසුවත් ඒ සියල්ල වචන පමණක්ම වන බවයි.

රනිල් වික්‍රමසිංහ යනු සිහින දකින්නෙක් සහ අහිංසක ජනයාගේ  සිහින වෙලදාම් කරන්නෙක් බව ඩලස් අලහප්පෙරුම මෙහිදී පැවසීය

වර්තමානයේ ලංකාව ඉතාමත් දරුණු තත්වයකට පත්ව ඇති බව පැවසූ ඩලස් අලහප්පෙරුම කියා සිටියේ රටේ ජනතාවගෙන් පැය 14කට වතාවක් එක අයෙකු වෙඩි තබා ඝතවන වන බවත් පැය තුනකට වතාවක් එක් පුද්ගලයෙක් සියදිවි නසාගන්න බවත් හැම දවසකම මේ රටේ උගත් දරුවන් අතරින් 300ක් රට හැර යාමට තරම් රටේ වත්මන් තත්වය බරපතල වී ඇති බවයි.