රටේ ඇතැමුන් වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ බුද්ධිමත් පුද්ගලයෙක් ලෙස හැදින්වුවද, වෛද්‍යවරුන්ගේ පමණක් පඩි වැඩිකිරීමේ ඔහුගේ ප්‍රතිපත්තිය තුලින් ගමක සිටින ගැමියෙකුට පවා රනිල් වික්‍රමසිංහ අනුවන පුද්ගලයෙක් ලෙස හඳුනාගත හැකි බව අජිත් පී පෙරේරා මහතා සඳහන් කරයි.
“රනිල් වික්‍රමසිංහ කියන්නේ අවස්ථාව අනුව තනතුරක් ලැබුනට, අමු මෝඩයෙක් කියලා හොදට තේරුම් ගන්න පුළුවන්, සාමාන්‍ය ගමක ඉන්න ගැමියෙකුට උනත් තේරුම් ගන්න පුළුවන් උදාහරණයක් තමයි, මුදල් ඇමති රනිල් වික්‍රමසිංහ දොස්තර මහත්තුරුන්ගේ පඩි වැඩිකිරීමෙන් කරේ”
සමඟි ජන බලවේගයේ ප්‍රධාන විධායක අජිත් පී පෙරේරා මහතා මේ බව කියා සිටියේ ඊයේ (13) රාත්‍රියේ පවතී රූපවාහිනී දේශපාලන වැඩසටහනකට එක්වෙමින්.
රටේ සියලු වෘත්තීන් වල නිරත වන ජනතාව ආර්ථික වශයෙන් ඉතාමත් අසීරු තත්වයකට පත්ව සිටින මොහොතක වෛද්‍යවරුන්ගේ පමණක් පඩි වැඩිකිරීම තුලින් අනෙකුත් වෘත්තීන් වල නියැලෙන සමස්ත ජනතාවට අසාධාරණයක් සිදුවන බව තේරුම්ගත නොහැකි තරම් වත්මන් ජනාධිපතිවරයා අදූරදර්ශී පුද්ගලයෙක් බව ඒ මහතා කියා සිටියේය.
අජිත් පී පෙරේරා මහතා සහබාගී වූ සම්පූර්ණ රූපවාහිනී වැඩසටහන පහත සබැඳියේ අමුණා ඇත,