ජාතික ජන බලවේගයේ මන්ත්‍රී වරුන් සෑම මාධ්‍ය සාකච්ඡාවකදිම හර්ෂ ද සිල්වා පිළිබඳව අභූත චෝදනා එල්ල කර වැරදී මතයක් සමාජගත කරන අතර ඇත්ත වශයෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ එකතු වී සමඟි ජන බලවේගය විනාශ කිරීමට කටයුතු කරමින් සිටින බව ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.
ඉදිරි මාස කිහිපය තුලදී සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු රජයක් විහිටුවීමේ දැඩි විශ්වාසයක් තිබෙන බව ප්‍රකාශ කරමින් හර්ෂ ද සිල්වා මහතා කියා සිටියේ මඩ සහ අවලාද නගමින් එම දේශපාලන ඉදිරි ගමන අඩාල කිරීමට නොහැකි බවයි.
එතුමා නැවත නැවතත් කියා සිටයේ රනිල් වික්‍රමසිංහට සහ වත්මන් රජයට බලයේ සිටිමෙට ඇත්තේ තව මාස කිහිපයක් නිසා, විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය, ඉදිරියේදී බලයට එන කණ්ඩායමක් විසින් නිවැරදිව පවත්වාගෙන යා යුතු නිසා ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව නිවැරදි අවබෝධයක් සහ ඉදිරියේදී ඔවුන් සමඟ සාකච්ඡා කිරීමට නියමිත යෝජනා සහ ප්‍රතිපත්ති පිළිබඳව විපක්ෂය අවබෝධයකින් සිටිය යුතු බවයි.