අ​ද රනිල් මැතිතුමා දැක්ක​ම සත්තුභත්​ත​ ජාතක කතා​වේ හොරු කණ්ඩායමට වැටුණු ගිරවාව මතක් වන බව අද (23) විපක්ශ නායක කාර්යාලයේ පැවති මධ්‍ය හමුවට සහබාගී වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවසය.

ඒ පිලිබදව වැඩිදුරටත් අදහස් දැක්වූ හර්ෂණ රාජකරුණා මහතා.

“අපේ පැරණි ජාතක කතාවක් තියෙනවා ගිරව් පැටව් දෙන්නෙක් හුළඟට හසු වෙලා එක ගිරවෙක් කන්දේ එක පැත්තකට වැටුණා අනෙක් ගිරා පැටියා තවත් පැත්තකට වැටුණා.ඉන් එක ගිරවෙක් වැටුණේ තාපසයෝ ඉන්න ප්‍රදේශයට අනිත් ගිරවා වැටුනේ හොරු රංචුව ඉන්න පැත්තට” අද රනිල් වික්‍රමසිංහ මැතිතුමාට වෙලා තියෙන දේ මේ ජාතක කතාවෙන් මතක් වෙනවා.රනිල් වික්‍රමසිංහ මැතිතුමා රනිල් වික්‍රමසිංහ කාලයේ ඉන්නකොට ක්‍රියා කරන විදියයි රනිල් රාජපක්ෂ කඳවුරට වැටුනට පස්සේ රනිල් රාජපක්ෂ වෙලා කරන කටයුතු ටිකයි දිහා බලනකොට ඇත්තටම ඉතාම කණගාටුයි අද මේ ඇතිවෙලා තියෙන්නේ ගිරා පැටියා හොරු රංචුවකට වැටිලා වෙච්ච දේම තමයි.

මේ වෙනකොට කවුරුත් දන්නවා අපේ රටේ ඉතාම භයානක දරුණු ආර්ථික අර්බුදයකට ලක් වෙලා තියෙනවා.එසේ ආර්ථික අර්බුදයකට පත් වෙනකොට ප්‍රශ්න වලින් බේරෙන්න අපි ජාත්‍යන්තර සංවිධාන එක්ක ගනුදෙනු කරනවා වගේම රටවල් එක්ක සාකච්ඡා කරනවා අපිට උදව් ගන්න. එසේ ජාත්‍යන්තර සංවිධාන හා රටවල් එක්ක සාකච්ඡා කර අපිට උදව් කරන කොට ලෝක බැංකු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, යුරෝපීය සංවිධාන, ඉන්දියාව ඇමරිකාව ඇතුළු රටවල් වෙන්න පුළුවන් උදව් කරන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගේ මූණ හෝ ඉන්න වෙනත් අයගේ මුහුණ බලලා නෙමෙයි අපි ආණ්ඩු කරන ආකාරය පිළිබඳව මේ රට ඉදිරියට ගෙනියන්නේ කොහොමද මානව හිමිකම් ආරක්ෂා කරගෙන ද ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගෙන ද මේ ආණ්ඩුව කරන්නේ ඒ වගේම මාධ්‍ය නිදහස තිබෙනවා ද මාධ්‍ය මර්දනයක් සිදු වෙනවාද නැද්ද කියන කාරණා දිහා බලලා තමයි රටවල් අපට උදව් කරන්නේ . මේ තත්වයේ තියෙන බරපතලකම දැන දැන හිතාගන්න බෑ රනිල් රාජපක්ෂ ආණ්ඩුව හැසිරෙන ආකාරය මේ වෙනකොට විරෝධතාකරුවන් දිගින් දිගටම මර්දනය රට පුරා සිදුවෙනවා මාධ්‍යයෙන් පෙන්වන්නේ ප්‍රධාන කිහිප දෙනාගේ තත්ත්වය පමණයි නමුත් අද ලංකාව පුරාම මේ මර්දනය දිගින් දිගටම සිදුවෙනවා. ඒකට විරුද්ධව පහුගිය කාලසීමාවේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු කැනඩාවේ තානාපති එක්සත් ජාතීන්ගේ සංවිධානය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානය ඇතුළු රෝපීය සංවිධානයේ පාර්ලිමේන්තු කණ්ඩායම ඇමෙරිකානු තානාපති, මහා බ්‍රිතාන්‍ය තානාපති ඇතුළු ජාත්‍යන්තරය ම මේ වෙනකොට විරුද්ධව ප්‍රකාශ නිකුත් කරල තියෙනවා. එතකොට අපි කොහොමද ජාත්‍යන්තර සංවිධාන ඇතුළු රටවල් එක්ක ගනුදෙනු කරලා අපේ රටට උදව් ගන්නේ අපේ කාටවත් රටේ ජාත්‍යන්තරයත් එක්ක ඇතිවෙලා තියෙන අර්බුදකාරී තත්ත්වයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මුදල් නැතුව අපිට පුළුවන් ද ,ලෝක බැංකුව උදව් නැතුව අපිට පුළුවන්ද වෙනත් ඇමරිකාව යුරෝපීය සංවිධාන වැනි සංවිධාන වලින් ජීඑස්පී ප්ලස් සහනය ඕනේ ද නැද්ද කියන ප්‍රශ්නය ඒ අය ප්‍රකාශ කරලා තියෙනවා. අද ඒ ඔක්කොම ප්‍රශ්න මැද්දේ ඊයේ දිනයේදී මර්ධනය තවත් ඉදිරියට ගෙනහින් තියෙනවා ත්‍රස්ත විරෝධී පනත උපයෝගි කරලා දින 90ක් තබාගෙන ප්‍රශ්න කරන්න ඒ අත්සන ආරක්ෂක අමාත්‍ය හැටියට රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඊට අවසරය ලබා දීලා තියෙනවා එහිදී ලෝකයම එපා කියන දේ අපේ රටේ නායකයා සිදු කරන කොට මර්දනය මේ ආකාරයෙන් සිදු කරන කොට අපට මුළු ලෝකයේ ජාත්‍යන්තර සංවිධාන වලින් උදව් ලබාගන්න පුළුවන්ද ,මානව හිමිකම් එක පැත්තකින් මර්දනය කරලා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය නැති කරන් යනකොට මාධ්‍යවේදීන්ට පමණක් නෙමෙයි මාධ්‍ය ආයතන ප්‍රධානීන් සීඅයිඩී එකට ගෙනියනවා සිරස ආයතනයේ ප්‍රධානියා සීඅයිඩී එකට ගෙනල්ලා බිය ගන්වන්න මර්දනකාරී වැඩ පිළිවෙළ ඉතා උවමනාවෙන් න්‍යායපත්‍රයට අනුව සිදු කරනවා මාධ්‍යවේදීන් පමණක් නෙමෙයි රාජපක්ෂ ආණ්ඩුවේ අපි දැක්කේ මාධ්‍යවේදීන්ට තර්ජන ගර්ජන කරලා සිදුකරනවා ඒ වගේම මාධ්‍ය ආයතන වලට ප්‍රහාර එල්ල කරනවා දැන් එතනින් එහාට ගිහිල්ලා මාධ්‍ය ආයතන ප්‍රධානින් වත් තර්ජනයට මර්දනයට හසු කරනවා. මේ රටවල් අපිට උදව් කරන්නේ ජාත්‍යන්තර සංවිධාන අපට උදව් කරන්නේ මේ විදියට මර්දනය කරන කොට ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන කොට මාධ්‍ය නිදහස නැති කරන කොට ඒ රටවල් අපට උදව් කරයිද ජාත්‍යන්තර සංවිධානය උදව් කරයිද මොකක්ද මේ කරන විකාරය .මේක පැහැදිලිවම ජනතාවට තේරෙනවා පොහොට්ටුවේ ඉන්න මන්ත්‍රීවරු සතුටු කරන්න තමයි මේ මර්දනය කරන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා වේදිකාවේ තියාගෙන අනුරාධපුරේ ගිහිල්ලා චන්ද්‍රසේන අමාත්‍යවරයා කියනවා ත්‍රස්තවාදීන් ගෙන් රට බේරගත්ත දෙවන නායකයා කියලා මට හිතාගන්න බෑ අවුරුදු 2ට කලින් කියපු කතා රනිල් වික්‍රමසිංහ මැතිතුමා හොරා කියලා වේදිකාවක් වේදිකාවක් ගාණේ කියපු පුද්ගලයා කටින්ම අද මේ අය කතා කරන්නෙ නැත්නම් වෙන කොහෙන්ද කතා කරන්නේ කියලා රටේ ජනතාවට හිරිකිතයක් ඇතිවෙනවා. දේශපාලඥයන් හිරිකිත තත්ත්වයට එපා වෙන්නේ මේ වගේ කාරණා නිසා.ප්‍රතිපත්තියක් නෑ . ආණ්ඩු හයක විතර ඇමතිවරු මේ පාර්ලිමේන්තුවේ ඒ අයට තමයි වැඩියෙන්ම උවමනාව තියෙන්නේ සර්ව පාක්ෂික ආණ්ඩුවේ ඇමැතිකම් ගන්න .චන්ද්‍රිකා මැතිනිය ගේ ආණ්ඩුවේත් ඇමැති, මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩු දෙකේම ඇමැති, මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ආණ්ඩුවේ ඇමති ,ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව ඇමති, දැන් රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ආණ්ඩුවෙන් ඇමති මෙහෙම ලෝකෙ වෙලා තියෙනවද ආණ්ඩු පෙරළන කොට ඒ පිරිසක් වෙනස් වෙන්න ඕන නමුත් මේ එක පිරිසක් මේ ඉන්නේ මොකද රටට තියෙන ආසාවට ද ජාති ආලය ගැන බොරුවට වේදිකාවේ කිව්වට ඇත්තටම ජාති ආලයක් නෙමෙයි තියෙන්නේ ඇමති ආලයක් තියෙන්නේ ඇමතිකම් වලින් වාහන ටික හම්බ වෙනවා ගෙවල් ටික හම්බ වෙනවා සම්පූර්ණ වරප්‍රසාද භුක්ති විඳිනවා අවුරුදු විසි පහක් තිහක් ඉඳන් ඒ වරප්‍රසාද භුක්ති විඳිනවා ඒව දාල යන්න බැරි ගතියක් තියෙන්නේ මේකයි ප්‍රධාන හේතුව ඒක නිසා අපිට ඇමති මේනියාවක් නැහැ අපිත් මේ පාර්ලිමේන්තුවේ කර්තව්‍යය වෙනුවෙන් රටේ තියෙන අර්බුදයට ගොඩ එන්න අපි සහයෝගය ලබා දෙනවා ඉතා ඕනෑකමින් හැබැයි මෙහෙම මර්දනයක් කරනකොට රටේ ප්‍රජාතන්ත්‍රවාදය නැති කරගෙන යනකොට අපිට කොන්දේසි විරහිතව උදව් කරන්න පුළුවන්ද බැරිද කියන ප්‍රශ්නය මතුවෙනවා අපිට උවමනාවක් තියෙනවා උදව් කරන්න නමුත් මේ ආණ්ඩුව හරි ට්‍රැක් එකට එන්න නිවැරදි ගමන යන්න ඕන ඒ යනකොට තමයි අපිට උදව් කරන්න පුළුවන් වෙන්නේ වගේම ජාත්‍යන්තර සංවිධාන වලටත් උදව් කරන්න පුළුවන් එහෙම නැතුව මේ රටේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදය මාධ්‍ය නිදහස මානව හිමිකම් සියල්ලම උල්ලංඝනය වෙනකොට අපිටත් ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා අපි මේ ආණ්ඩුවට උදව් කරන්න පුළුවන්ද කියලා. සමහර පිරිසක් සතුටු වෙන්න ඇති පොහොට්ටුවේ 134 දෙනා හැබැයි තමන්ගේ දොරට තට්ටු වෙනකොට තමයි තේරෙන්නේ වෙන විනාශය කොච්චරද කියලා.

අපි මේ ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා කරුණාකරලා අද මේ රටේ ජනතාව ජීවත් වෙන්නේ ඉතාම අසීරු තත්වයක ජීවන වියදම දරා ගන්න බැරි මට්ටමට වැඩි වෙලා හැම දෙයක්ම 400%ටත් හා හොඳම උදාහරණය ඉන්ධන මිල 100ට, 105 ට තිබිච්ච එක අද 440කට වැඩි වෙලා කියන්නේ හතර ගුණයකින් එම නිසා සෑම භාණ්ඩ හා සේවා වල මිල ගනන් තුන් හතර ගුණයකින් වැඩිවෙලා එය මේ රටේ ජනතාවට දරාගන්න පුළුවන් ද, මේ මොහොතේ ආණ්ඩුව තවත් ජීවන වියදම් වැඩි කරනවා දින කීපයකට කලින් විදුලි බිල වැඩි කරා ඉතාම අන්ත දුප්පත් පිරිසට 64% කින් වැඩි වුණා භූමිතෙල් මිල ගණන් ඊයේ දිනයේ දී වැඩි කර එය 200%ටත් වැඩි ප්‍රමාණයකින් මේවා දරාගන්න පුළුවන්ද භූමිතෙල් පාවිච්චි කරන්නේ අන්ත අසරණම සමාජ කොට්ඨාසය. විශේෂයෙන්ම වතුකරයේ ජනතාව ධීවර ජනතාව එම ජනතාව ජීවත් වෙන්නේ කොහොමද 200% වඩා ප්‍රතිශතයකින් භූමිතෙල් මිල වැඩි ගණ වැඩිවෙනකොට.

අද කල්පනා කරලා බලන්න අපේ රටේ මන්දපෝෂණ තත්ත්වයක් තියෙනවා .සමීක්ෂණයකින් හෙළි වෙලා තියෙනවා මේ වෙනකොට ලක්ෂ 50ක් මන්දපෝෂණ තත්ත්වයෙන් ඉන්නව කියල ඒ විතරක් නෙමෙයි ලෝක බැංකුවේ අපේ උද්ධමනය ලෝකයේ පස්වැනි තැනට වැඩි වෙලා අපිට ඉදිරියෙන් ඉන්නේ ලෙබනනය සිම්බාබ්බේ වෙනිසියුලාව සහ තුර්කියේ අපි පස් වැනි තැන ඔබ දන්නවා බිත්තර වල මිල ගනන් මාළු වල මිල ගනන් අහනකොට ඇගේ මාළු නටනවා මේ විදියට අපිට පෝෂදායි ආහාර වේලක් පවුලකට ලබාදෙන්නේ කොහොමද බිත්තර රුපියල් හැට පහක් වෙනකොට මාළු කිලෝ එකක් රුපියල් දෙදාහක් වෙනකොට කොහොමද අපිට අපේ දූ දරුවන්ට මේ රටේ ජනතාවට පෝෂදායී ආහාර වේලක් ලබා දෙන්නේ අපි අනාගතයේ බිහි කරන්නේ මන්දපෝෂිත දරුවන් ඒ අයට මේ රටේ අනාගතය බාර ගන්න මන්දපෝෂණය කියන දරුවන් අපිට නිරෝගී අනාගතයක් බාර ගන්න පුළුවන් සමාජයක් බිහි කරන්නේ නැහැ වේල් තුන කාපු මනුස්සයා එක වේලකට බැහැලා එක වේලක වෑංජන තුනකින් කාපු එක්කෙනා අද වෑංජන එකට බැහැලා ඒකයි ඇත්ත මේකට දෙන විසඳුම මොකක්ද රනිල් රාජපක්ෂ ආණ්ඩුව ඇමති සංඛ්‍යාව තවත් වැඩි කරගන්න එක රාජ්‍ය ඇමතිවරුන් තවත් වැඩි කරගන්නවා මේ රටේ ප්‍රශ්න වලට විසඳුම් මොකද කැබිනට් ඇමතිවරු වැඩිකරගෙන රජයේ වියදම් වැඩි කරගෙන රාජ්‍ය ඇමතිවරුන් නියෝජ්‍ය ඇමතිවරුන් වැඩි කරගෙන මේ රටේ වියදම වැඩි කරගන්න එකද විසඳුම තියෙන්නෙ මේ සතුට කිරීමේ න්‍යායපත්‍රය ක්‍රියාත්මක නොකර හැමෝම කැපවීමක් සිදු කරල මේ රට මේ වැටිල තියෙන අසීරු තත්ත්වයෙන් එළියට එන්න ආණ්ඩුව ක්‍රියාත්මක වෙන්න ඕන මොකද අපේ රටේ ජනතාවගේ ඉවසීම නැති වෙමින් යන්නේ.

අපි ආණ්ඩුවට සහය දෙන්නේ පුද්ගලයන් අනුව නෙමෙයි ප්‍රතිපත්ති අනුව ප්‍රතිපත්ති හොඳයි නම් අපි උදව් කරනවා නමුත් දිගින් දිගටම ආණ්ඩුව මර්දනකාරීව කටයුතු කරනවා ඊයේ ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡා සාර්ථකයි එහි සිදු වුණා කාරණා කිහිපයක් ගැන කතා වුණා ආණ්ඩුවට අපි උදව් කරන්න සූදානම් කමිටු හරහා නමුත් එසේ සූදානම් වෙන අවස්ථාවේදී ආණ්ඩුව හැසිරෙන ආකාරය පිළිබඳව අපි අවධානය යොමු කළා .අපට සහයෝගය ලබාදෙන්න නම් කරන මර්දනකාරී වැඩපිළිවෙළ නතර කරන්න ඕනේ කියන එක ඕනෑකමින් ප්‍රකාශ කළා අපි බලාගෙන ඉන්නවා එතඑතුමාගේ ප්‍රතිපත්ති පොහොට්ටුවේ කදවුර සතුටු නොකර මානව හිමිකම් රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගෙන ඉදිරියට යාවි කියලා.