මහින්ද රාජපක්ෂව අදහමින් සිටි පොහොට්ටු මන්ත්‍රීවරුන් පිරිස මේ වන විට රනිල් වික්‍රමසිංහ මහතාව අදහමින් සිටින බවත් ගම් වල අහිංසක ජනතාව දේශපාලන පක්ෂ වලට බෙදී ගහමරා ගත්තද අද මොවුන් එකම කල්ලියක් බව අනාවරණය වී ඇති බව චමින්ද විජේසිරි මහතා පවසනවා.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සඳහා රාජපක්ෂලා කිසිවෙක් පාර්ලිමේන්තුවට නොපැමිණි බවත් රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව විවේචනය කරමින් නැවතත් බලය ලබා ගැනීමට, ජනප්‍රිය වීමට රාජපක්ෂලා අර අදින බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.