ජනාධිපති රනිල් වික්‍රමසිංහ විශ්වාසය තැබිය නොහැකි නායකයෙක් බවත්, ඔහු දෙමළ ජනතාව වෙනුවෙන් කිසිවක් නොකළ නායකයෙක් බවත්, ඉදිරියේදීත් දෙමළ ජනතාව වෙනුවෙන් ඔහු කිසිවක් නොකරන බවත් පාර්ලමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන් මහතා පවසනවා.

ඒ මහතා කියා සිටින්නේ දෙමළ භාෂාව කතා කරන සිවිල් ක්‍රියාකාරිකයකු ජනාධිපති අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් කල යුතු බවත්, ඒ පිළිබඳව ඉලංගෙයි අරසුකච්චි පක්ෂය හැර අනෙකුත් දෙමළ පක්ෂ අවධානය යොමු කර තිබෙන බවත්ය.