සිරගතකර කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා දේශපාලන පලිගැනීම් පිළිබද සොයා බලන ජනාධිපති කොමිසම හමුවට කැදවා තිබෙනවා.

ඒ අනුව බන්ධනාගාර නිලධාරින් විසින් අද පෙරවරුවේ රන්ජන් රාමනායක මහතා එම කොමිසමේ පොලිස් විමර්ශන අංශය වෙත රැගෙන ආ බව සදහන්.

ජනාධිපති කොමිසම හමුවට කැදවන ලෙස කල ඉල්ලීමට අනුව ඔහු අද දිනයේදී රැගෙන යාමට අවශ්‍ය පහසුකම් ලබා දුන් බවද බන්ධනාගාර දෙපාර්තමේන්තුව සදහන් කලා.

විශේෂ ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභා පනතේ අංක 07 දරණ වගන්තිය ප්‍රකාරව කොමිෂන් සභාවේ විමර්ශණ ඒකකය වෙත දැනට බන්ධනාගාර ගත කර ඇති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමණායක ඉදිරිපත් කරන ලෙසට බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුමා වෙත දන්වා ඇත .

ඒ අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමණායකගෙන් ප්‍රකාශ සටහන් කර ගැනිම සදහා 2022.02.17 ,18 , 19 , යන දිනවල බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ බ්ලොක් අංක 04 හි 02 වන මහලේ කාමර අංක 207 ඇති විශේෂ ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභාවේ පොලිස් විමර්ශණ ඒකකය වෙත යොමු කර වීමට කටයුතු කර ඇත .

බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික බලකායේ හා බන්ධනාගාර නිලධාරීන්ගේ විශේෂ ආරක්ෂාව යටතේ මොහුව විශේෂ ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කිරීම සදහා ආරක්ෂණය කිරීමට කටයුතු කර ඇති බව බන්ධනාගාර මුලස්ථානය වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියි.