අද කොළඹ නගරයේ සමගි ජන බලවේගය මැයි රැළිය පවත්වනු ලබන්නේ මැතිවරණ ජයග්‍රහණය ඉලක්ක කරගනිමින්, පක්ෂයේ ශක්තිය පෙන්වමින් වැඩකරන ජනතාවට නිදහස් නිවහන් රටක් නිර්මාණය කිරීමට බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා අද කොළඹ චැතම් විදියේ පැවති මැයි දින රැලිය අමතමින් පැවසීය.

එතුමා කියා සිටියේ මීට මාසයකට පමණ පෙර මැයි රැලිය පැවැත්වීම සඳහා සමගි ජන බලවේගය ඉල්ලා සිටි ස්ථානය රනිල් රාජපක්ෂ රජය විසින් ජනතා විමුක්ති පෙරමුණට ලබා දී ඇති බවත් ඔවුන් රනිල් වික්‍රමසිංහගේ සහයෝගයෙන් මීලග පාර්ලිමේන්තුවේ විපක්ෂය වීමට සැලසුම් කරන බවත් රනිල් වික්‍රමසිංහ මාලිගාවත්ත ප්‍රදේශයේ ජනාධිපති ලෙස ඉතාමත් කුඩා මැයි රැළියක් පවත්වමින් සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ අගමැතිකම ලබාගැනීමට සැලසුම් සකස් කරමින් බවත්ය.

රනිල් රාජපක්ෂ ආණ්ඩුව විසින් විවිධ තාඩන පීඩන එල්ල කරමින් සමගි ජන බලවේගයේ මැයි රැලිය කඩාකප්පල් කිරීමට උත්සාහ කලත් අද එම අභියෝගය ඉතාමත් සාර්ථක ලෙස ජයග්‍රහණය කළ බවත් මීලග වසරේ මැයි රැලිය සජිත් ප්‍රේමදාස ජනාධිපති ධූරය දරන සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ පවත්වන බව එස් එම් මරික්කාර් මන්ත්‍රීවරයා මැයි රැලියේදී අවධාරණය කරමින් කියා සිටියේය.