අප්‍රේල් මාසයේදී උදාවන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වන විට රට සාගතයකට මුහුණ දෙන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී අලවතුවල මහතා පවසනවා.

ඒ, රජය ක්‍රියාත්මක කරන වැරදි ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් බව ඔහු සඳහන් කළා.

පසුගිය වසරවල අස්වැන්නට සාපේක්ෂව මේ වසරේ ගොවීන්ට 50%ක් හෝ ඊට අඩු අස්වැන්නක් පමණක් ලබා ගැනීමට හැකි ව ඇති බවද ඔහු සඳහන් කළා.

එම අඩුවීමට හේතුව රජය විසින් ඇති කර ඇති පොහොර අර්බුදය බව මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.

එපමණක් නොව අද සහල් මිල අහස උසට නැඟී ඇති බැවින් ගොවීන් ජීවත් වන්නේ කෙසේදැයි ඔහු ප්‍රශ්න කර සිටිනවා.