අද වනවිට රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව රටේ ජනතාව හෙන ඉල්ලමින් සිටින බවත් තවද මාධ්‍ය නාලිකා දෙකක් රටට කර විනාශය නිසා අද රටේ ජනතාවට අහාර නොමැතිව මැරෙන තත්ත්වයක් ඇති කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමගි ජන බලවේගයේ කඩුවෙල සංවිධායිකා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසයි .
සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රටේ ජනාධිපති කිරීමට පෙළගැසෙන ලෙසෙද ජනතාවගෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මැතිණිය ඉල්ලා සිටියාය .
එතුමිය මේ බව පවසා සිටියේ අද (18) විපක්ෂ නායක කාර්යලයේ දීය .
එහිදී වැඩි දුරටත් පැවසූ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ,
“රටේ මිනිස්සු ආණ්ඩුවට හෙන ඉල්ලනවා ආණ්ඩුවට විතරක් මදි හෙන ඉල්ලන්න රට මේ තත්වයට ගෙන්න මැදිහත් වුණු නාළිකා දෙකටත් ඒ නාලිකා දෙක රටට කරපු විනාසෙ නිසා මිනිස්සු අද කන්න නැතුව මැරෙන තත්ත්වයට පත්වෙලා දරුවන්ට කන්න දෙන්නෙ නැතුව දෙමව්පියෝ පොලිසිය ගානේ යනවා බලන්න රටට වෙච්ච දෙයක් මිනිස්සුන්ට බඩගින්න තදින්ම දැනුණු දවසට සියල්ල අමතක වෙලා ජනතාව පාලකයා ගහලා පන්නන දවස ළඟදිම එනවා.
මෙවැනි තත්ත්වයකදී රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා එළියට බහින්න බයවෙන්න එපා ඊළඟට තියෙන්නෙ මොවුන්ගෙන් මර්දනය විතරයි බය නොවී පාරට බැහැලා හරි නායකයෙක් පත් කරගන්න පෙරට එන ලෙස ඉල්ලා සිටිනවා .
පහුගිය කාලයේ චීනය ඉන්දියාව ඉතාලිය වැනි රටවල් ඉතාමත් වේගයෙන් විපක්ෂ නායකතුමා දෙසට හැරී ගෙන එනවා උදාහරණයක් විදිහට ඉන්දියාව රජයත් එක්ක මුදල් හුවමාරුවකට සාකච්ඡා කරන කොට විපක්ෂ නායකතුමාට ඇමතුමක් දීලා මුදල් දීම සම්බන්ධව නිර්දේශයක් අරගෙන තියෙනවා එහිදී වෙනත් විපක්ෂ නායකවරුන් වගේ හැමදේටම විරුද්ධ වෙන්නේ නැහැ අපේ විපක්ෂ නායකතුමා එහිදී එම මුදල් ටික රජයට ලබා දෙන්න එතුමා මැදිහත් වී තිබෙනවා ඒ වගේම පහුගිය දවසක චීනයෙන් විශාල ආධාර මුදලක් විපක්ෂ නායක තුමාට ලබාදුන්නා එය හුස්ම වැඩසටහන ගැන පැහැදීමට ලක් වෙලා චීනය ඉන්දියාව ඇමෙරිකාවේ රටවල් සෑම අවස්ථාවක්ම ඔවුන් බලාගෙන ඉන්නවා දේශපාලන අයත් කොහොමද වෙනස් වෙන්නේ කියලා ඒ අනුව ඔවුන් දන්නවා ඕනෑම ආණ්ඩුවක් මිනිස්සුන්ට එපා වෙන්නේ අන්තිම අවුරුද්දේ නමුත් ජාත්‍යන්තරය බලාගෙන ඉන්නවා අවුරුදු දෙකක් යනවිට ආණ්ඩු එපා වෙලා තියෙන බව. ඊළඟ විකල්පය විදියට ඔවුන් තෝරගෙන තියෙන්නෙ විපක්ෂ නායකතුමා එමනිසා ප්‍රධාන රටවල් ටික ටික විපක්ෂ නායක එක්ක මිත්‍ර වීමත් හොඳ සලකුණක් .රට තියෙන තත්ත්වය හැටියට ජාත්‍යන්තරය උදව් නැතුව ගොඩ ඒමක් නැහැ . රට ගොඩ නැගීමට හැකියාවක් තියෙන එකම නායකයන් සජිත් ප්‍රේමදාස එතුමා මානව හිමිකම් පැත්තෙන් සුරක්ෂිත කරලා ජනතාව සුරක්ෂිත කරලා සිංහල දමිල මුස්ලිම් සියලු දෙනා වෙනුවෙන් පෙනී සිටින හොඳ නමක් තියාගෙන සිටිනවා.”