හෙට ජූලි 09 වෙනිදා රට බේරා ගැනීමේ අරගලයට සියලු දෙනාම එකතු වන ලෙස අද (8) දින විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.

ඒ පිලිබදව වැඩිදුරටත් අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා.

හෙට ජූලි 09 වෙනිදා රට බේරා ගැනීමේ අරගලයට සියලු දෙනාටම එකතු වෙන්නේ කියලා ආරාධනා කරනවා. අපි දන්නවා ගෝඨාගෙන් රනිල්ගෙන් මේ රට බේරා ගැනීමේ සටන දිගින් දිගටම සියලුම පක්ෂ, සංවිධාන, අරගලකරුවන් එකට එකතු වෙලා කටයුතු කරන අවස්ථාවක් .සමගි ජන බලවේගය විදිහට සියලු පාර්ශවයන් කරන අරගලයට එකතු වෙන්නේ කියලා රටේ ඉන්න සියලුම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. තමන්ගෙ නගරේ අරගලය කරන ගමන් හෙට (09) උදේ 10.ට කොටුවේ දුම්රියපොළ අසල ට එන්න කියලා පාක්ෂිකයන්ට ආරාධනා කරනවා.

අද රට වට්ටලා ඉවරයි මේ හොර පාලකයින්ගෙන් මේ රට බේරගන්න ඕන වෙලාව ඇවිල්ල තියෙන්නේ. මේ පාලකයන්ගේ කන් ඇහෙන්නෙත්, නෑ මොලේ වැඩ කරන්නෙත් නෑ, මේ එහෙනම් අපි මේගොල්ලන්ට දැනේන පාඩම කියල දෙන එක 09 වෙනිදා ඉෂ්ට කරනවා. ඒකට සියලු දෙනාම එකතු වෙන්න .අපි දන්නවා ලෝකයේ මේ වගේ පාලකයෝ නීතියෙන් යවන්න බැරි වුණාම ව්‍යවස්ථාවෙන් යවන්න බැරි වුණාම ජනතාව අරගල කරලා තමයි පැන්නුවේ. මේ ගෝඨාභය රාජපක්ෂටත් ඒක තමයි අපිට කරන්න වෙන්නේ. මේ රටේ පාලකයන් නිසා රටේ ආර්ථිකය කඩාවැටිලා ගොවිතැන කඩාවැටිල අධ්‍යාපනය සෞඛ්‍යය කඩාවැටිලා ඒවා නැවත ගොඩ ගන්න පාටක් මේ නායකයාගෙන් පේන්න නැහැ එසේනම් අපිට කරන්න තියෙන්නේ මේ අය අයින් කරල සියලු දෙනා එකතුවෙලා මේ රට හදන්න .අපිට ආරංචි මේ අරගලය නවත්තන්න ගමනා ගමන මණ්ඩලයේ බස් නවත්තන්න යනවා ජනාධිපති නියෝග දීලා තියෙන තෙල් බෙදන්න එපා කියලා අපි දන්නවා මොන ප්‍රශ්නය තිබුනත් ජනතාව සූදානම් වෙලා ඉන්නේ මෙතැනට එන්න ඇවිත් මේ අයගෙන් රට බේරගන්න අපි පොලිසියට ත්‍රිවිධ හමුදාවට කියනවා ජනතාව එළියට බහින්නේ රට බේරගන්න පොලිසියට හමුදාවට නියෝග දෙන්නේ අමනෝඥ පාලකයන් බේරගන්න අපි කියනවා ජනතාවගේ වෙනුවෙන් පොලිසිය හමුදාව පෙනී සිටින්න රට ආරක්ෂා කරන්න ජනතාව ආරක්ෂා කරන්න පොලීසිය ත්‍රිවිධ හමුදාව පෙනී සිටින්න කරුණාකරලා මේ රට විනාශ කරපු පාලකයෝ බේර ගන්නේ නැතුව රට විනාශ කරපු නායකයා බේර ගන්නේ නැතුව ජනතාව බේරගන්න රට බේරගන්න පොලිසියෙන් අභිආයාචනා කරනවා ත්‍රිවිධ හමුදාවෙන් ඉල්ලා සිටිනවා කරුණාකරලා මේ අමන පාලකයා ගෙදර යවන්න සියල්ල එකතුවෙන්න ලෝකයේ එහෙමයි කටයුතු කරලා තියෙන්නේ.

නැවත නැවතත් කියනවා සමගි ජන බලවේගය විදියට මේ සටනට අපේ ශක්තිය දෙන්න සහයෝගය දෙන්න අරගලකරුවන් එක්ක සියලු පාර්ශවය මේ පාලකයෝ පන්නන්න සටනට බහිමු එකතුවෙන්න 09 වෙනිදා උදේ 10ට කොටුව දුම්රිය ස්ථානයට.

ගෝඨාභය රාජපක්ෂ පනවන ඇඳිරි නීතිය අපි ගනන් ගන්නෙ නෑ .ජනතාව කියනවා ජනාධිපතිට ඇමරිකාවට යන්න කියලා අයියා ගියා ත්‍රිකුණාමලයට මල්ලි කොහාටද යන්නේ කියලා අපි බලාගෙන ඉන්නවා.

ආණ්ඩුව ඇතුළෙ කචල් ධම්මික එවලා තියෙන්නේ රනිල්ව පන්නන්න ඒක ඉස්සරලා දවසෙම කරා දැන් හදන්නේ රනිල් පන්නලා ධම්මික ගේන්නද දන්නෙ නෑ මොකද මොල ගොඩක් තියෙන මිනිහෙක් හිටියා එයා තමයි මේ මෙහෙයුම කරන්නේ. බදු සහන දුන් නිසා තමයි මේ රට වැටුණේ ඒ තුළින් කවුද ඉස්සරවෙලාම බදු සහනය ගත්තේ ධම්මික පෙරේරා ඔහු බිලියන් වලින් බදු සහන අරගෙන දැන් කියනවා මිලියන 50ක් මාසෙට දෙනවා කියලා.

ගෝඨාභය රනිල් ඒ අයගේ හිරගෙවල් ඒ අයම හදා ගන්නවා බංකරපිට බංකර මිනිස්සු ඒ අයව බංකරේ ට දාන්න කලින් බංකර ඇතුළට ගිහින්.