වැරදී ආර්ථික තීන්දු තීරණ ගැනීමත්, ගජ මිතුරන්ට බදු සහන ලබාදීමත් නිසා රට බංකොලොත් කිරීමට වගකිවයුත්තන් ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය මගින් අනාවරණය කළ රාජපක්ෂවරුන් ඇතුළු සහචරයට විරුද්ධව නිතිය ක්‍රියාත්මක කර ඔවුන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කරන ලෙස ඉල්ලා පෙත්සම් අත්සන් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වේ.
මෙම වැඩසටහන පසුගියදා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොටුව දුම්රිය නැවතුම්පොළ ඉදිරිපිටින් ආරම්භ වූ අතර මේ වන විට මෙම මහජන පෙත්සම් අත්සන් තැබීමේ වැඩසටහන දීප ව්‍යාප්තව ක්‍රියාත්මක වේ.
සමගි ජනබලවේගයත් සමගි ජන සන්ධානයත් දීප ව්‍යාප්තව ගෙන යන මෙම පෙත්සම් අත්සන් කිරීමේ වැඩසටහනේ එක් අදියරක් අද (30) නාවලපිටියේදී ද පැවැත්විණි.
මෙම වැඩසටහන නාවලපිටිය සමගි ජන බලවේග සංවිධායක සසංක සම්පත් මහතාගේ මූලිකත්වයෙන් පැවැත්වූ අතර මේ සඳහා නාවලපිටිය ප්‍රදේශයේ විශාල ජනකායක් එක්විය.