ගෝටභය ඉල්ලා අස්වෙන තුරු ඉන්නේ නැතුව බහුතර ඡන්දයෙන් අනුප්‍රාප්තික ජනාධිපති පත්කරගෙන කාලය ඉතිරි කර ගත යුතුයි. ඉන්පසු දැනට රට තුළ ඇතිවෙලා තිබෙන අවිනිශ්චිතභාවය නැතිකරගන්න හැකි ඉක්මනින් ව්‍යවස්ථාදායකය රැස් විය යුතුයි බව අද(11) පස්වරුවේ විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට සහබාගී වෙමින් සමගි ජන බලවේගයේ ප්‍රධාන විධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පැවසීය.

ඒ පිලිබදව වැඩිදුරටත්ස අදහස්ම දැක්ගිවූ සමගි ජන බලවේගයේ ප්‍රධාන විධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා.

මේ වන විට අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා නාමයෝජනා කැදවනවා. එලැඹෙන බදාදා පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයෙන් අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා ගන්නවා. ඒ පිළිබඳව අද දින පැවති පක්ෂ නායක රැස්වීමේදී එකඟත්වයක් ඇතිකර ගෙන තිබෙනවා .එය ඇති කරගන්නේ හෙට දෙන දහතුන් වැනිදා ගෝඨාභය රාජපක්ෂ වර්තමාන ජනාධිපතිවරයා තමන්ගේ තනතුරෙන් ඉල්ලා අස් වෙනවා කියන ස්ථාවරය මත ඔහු ඉල්ලා අස්වෙන තුරු ඉන්නේ නැතුව කාලය ඉතිරි කර ගන්නත් දැනට රට තුළ ඇතිවෙලා තිබෙන අවිනිශ්චිතභාවය නැතිකරගන්නත් හැකි ඉක්මනින් ව්‍යවස්ථාදායකය රැස් විය යුතුයි කියන කාරණය තමයි මෙම තීරණය ගත්තේ.

සජිත් ප්‍රේමදාස මැතිතුමා මේ රටේ විපක්ෂනායකවරයා ඔහු පහුගිය ජනාධිපතිවරණයේ මේ රටේ ජනතාවගේ ඡන්දයෙන් ලක්ෂ 55 ක් ඡන්ද ලබා ගත්ත නායකයෙක්. ඒ වගේම මේ රටේ විකල්ප නායකයා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා තනතුරින් අස්වෙනවා නම් මේ රටේ ජනාධිපති ධූරය දරන්නට මේ මොහොතේ පාර්ලිමේන්තුව විසින් අනුප්‍රාප්තික ජනාධිපති වරයෙක් තෝරා ගැනීමට සුදුසු සජිත් ප්‍රේමදාස ජනාධිපතිතුමායි . ප්‍රේමදාස ජනාධිපතිතුමා මමියගිය අවස්ථාවේදී එවකට අගමැතිවරයා වැඩබලන ජනාධිපති නාමයෝජනා කැඳවනු ලැබූ විට වෙනත් කෙනෙක් ඉදිරිපත් නොවුණු නිසා ඔහු ඉදිරි කාලයට අනුප්‍රාප්තික ජනාධිපති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුවයි මේ ප්‍රශ්න විසඳිය යුතු වන්නේ රටේ ජනතාවට වෙනස් අදහස් තියෙන්න පුළුවන් රටේ ජනතාවගේ සිත් තුළ වෙනත් විකල්ප පුද්ගලයන් ඉන්න පුළුවන් හැබැයි පාර්ලිමේන්තුව විසින් අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ඉදිරි ධූර කාලය සඳහා තෝරාගත යුතු කියන ව්‍යවස්ථා ප්‍රතිපාදන අනුව පාර්ලිමේන්තුව විසින් තෝරා ගැනීමට සුදුසු විපක්ෂ නායක පහුගිය ජනාධිපතිවරණයේ අපේක්ෂක වෙලා ලක්ෂ 55 ක් ඡන්ද ලබාගත් සජිත් ප්‍රේමදාස මැතිතුමා. අපි ප්‍රතිපත්තියක් වශයෙන් කැමති වහාම පාර්ලිමේන්තු මැතිවරණයක් තියන්න පුළුවන් නම් වහාම ජනාධිපතිවරණයක් තියන්න පුළුවන් නම් රටේ ජනතාවට එය තෝරා ගැනීමේ අයිතිය ලබාදීම සුදුසුම දේ, හැබැයි මේ මොහොතේ රටේ පවතින ව්‍යවස්ථාව අනුව මේ මොහොතේ නීතිය අනුව පාර්ලිමේන්තුව විසුරුවන්නත් බෑ ජනාධිපතිවරනයක් තියෙන්නත් බෑ මේ මොහොතේ ඉන්න ජනාධිපති ඉල්ලා අස්වන මියගියොත් අතුරුදහන් උනොත් හොයාගන්න බැරි උනොත් කරන්න තියෙන්නෙ පාර්ලිමේන්තුව විසින් අනුප්‍රාප්තික ජනාධිපති වරයෙක් පත් කර ගැනීමේ ක්‍රියාදාමය පමණයි. රට ඉතාම බරපතළ ආර්ථික අර්බුදය තියෙන්නේ බරපතල දේශපාලන අර්බුදයක තියෙන්නේ අපි රටට අවම හානියක් සිදුවන මේ අර්බුදය කළමනාකරණය කර ගැනීම සඳහා ශක්තියේ දින දේශපාලන බලවේගයක නායකත්වය දරන පුද්ගලයෙක් අනුප්‍රාප්තික ජනාධිපති වශයෙන් පත් කළ යුතු වෙනවා .සජිත් ප්‍රේමදාස මැතිතුමා අද ප්‍රකාශ කළා එතුමා සූදානම් මේ රටේ ජනාධිපති ධුරය අනුප්‍රාප්තික ජනාධිපතිවරයා වශයෙන් ඉදිරි කාලය සඳහා බාර ගන්න. හැබැයි එතුමා අපේක්ෂා කරනවා ජනතා විමුක්ති පෙරමුණත් ඇතුළුව පාර්ලිමේන්තුවේ සිටින සියලුම දේශපාලන පක්ෂ මේ රට වෙනුවෙන් කරන කැප වීමට එකඟ විය යුතුයි කියලා එතුමා ගන්නේ දේශපාලනික අනතුරක්. ඡන්දයකින් තේරී පත් වීමට සුදුසුම දේ වෙලා තියෙද්දි ඒ සඳහා විශාල අවස්ථාවක් තියෙද්දි වගකීම බාරගන්නේ රටේ අනිත් පක්ෂ අනුප්‍රාප්තික ජනාධිපති වරයා වශයෙන් එතුමාව පිළිගැනීමට ඒකමතිකව සූදානම් සහ ඉදිරි සීමිත කාලයක් සඳහා සර්වපාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් සකස් කරන්න එකඟතාවයෙන් හෘදසාක්ෂ අනුවත් නීතිය අනුවත් ව්‍යවස්ථාව අනුවත් රට තත්ත්වය අනුව බලලා එක් වෙනවා පමණයි කෙසේ හෝ මේ තනතුර ගන්නවා කියන දෙයක් සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නැහැ එතුමා මේ තනතුරේ රටේ ප්‍රධාන පක්ෂය විදිහට අගමැතිවරයා පත් කර ගැනීමත් අමාත්‍ය මණ්ඩලය පත් කර ගැනීමත් එකඟතාවයෙන් පමණයි එසේ එකගතාවයෙන් කිරීමෙන් පමණයි රටේ සාමය ආරක්ෂා කරන්න පුළුවන් ආර්ථිකය පිළිබඳව ඇති වෙලා තියෙනවා දැවැන්ත අර්බුදය කළමනාකරණය කරන්න පුළුවන් ඉන් පසුව මෙරට පවතින ව්‍යවස්ථාව සංශෝධනය කිරීමෙන් පසුව අපි හැකි ඉක්මනින් සුදුසු තත්ත්වයක් ඇති වූ පළමු අවස්ථාවේම මැතිවරණයකට ගිහිල්ල රටේ ජනතාවට අවස්ථාව දෙමු නායකයා තෝරගන්න ඒ වගේම පාර්ලිමේන්තුවේ බහුතරයක් මත ආණ්ඩුවක් හදාගන්න මේ හැර වෙන සාධාරණ ශීලාචාර දේශපාලනිකව විසඳුමක් නැහැ ඒ නිසා අපි කියා සිටින්නේ මේ විසඳුමට එකඟ වන්න.

ඒ වගේම ඩලස් අලහප්පෙරුම මැතිතුමාටත් අපි කියන්නේ ඔබතුමා කෙරෙහි දේශපාලන ප්‍රවාහයෙන් කැමැත්තක් තිබෙනවා නම් බව ඒ අපට පේනවා ඔබතුමා මේ ක්‍රියාදාමයට සම්බන්ධ වෙන්න ඒ සුදුසු තැන ඔබතුමා ලබාගන්න ඒ පිළිබඳව සාකච්ඡා කරන්න අපි සූදානම් එසේ නොමැතිව මෙය කඩාකප්පල් කරන්න උත්සාහ කළොත් වෙන්නේ නැවත වරක් රට තුළ පාලනය ප්‍රශ්නයක් ඇතිවෙලා ඉන්න තැනෙන් පල්ලෙහාට වැටෙන එක ඒ නිසා අපේ ගෞරවනීය ඉල්ලීම මේ රටේ සියලු පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් සියලුම දේශපාලන බලවේග වලට සාකච්ඡා සම්මුතියෙන් මේ විසඳගමු ප්‍රධාන විපක්ෂය කීයට පහුගිය ජනාධිපතිවරණයේ අපේක්ෂකයා විදිහට ලක්ෂ 55 ක් ලබාගත්තා මේ රටේ පුරවැසියන්ගේ වරමක් ලැබූ අයෙක් විදියට සජිත් ප්‍රේමදාස මැතිතුමා සූදානම් රටේ ජනාධිපති ධුරය ලබාගන්න එය සදාකාලිකව නෙවෙයි මේ අන්තර්කාලීන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම සඳහා.

අරගලය ඉදිරිපත් කරන යෝජනා වලට අපිට එකඟ වෙන්න පුළුවන් ඔවුන් ඉල්ලා සිටිනවා ඔවුන් ගේ මතය රාජ්‍ය පාලනයේදී ලබා ගැනීම සඳහා ස්ථීර ව්‍යුහයක් හදන්න කියලා ජාතික සභාවක් හදන්න කියලා ඉතාම හොඳ යෝජනාවක් පාර්ලිමේන්තු වෙන් ඇති නමුත් සිටිය යුතු වැදගත් උගත් තරුණ කණ්ඩායමක් පාර්ලිමේන්තුවෙන් එළියේ ඉන්නවා ඔවුන් තමයි මේ අරගලයට නායකත්වය දුන්නේ ඒ අයගේ මතය පාර්ලිමේන්තු මැතිවරණයක් දක්වා ජනාධිපති මැතිවරණයක් දක්වා සහ ඉන් පසුවත් අවශ්‍ය නම් රාජ්‍ය කරණයට ලබා ගැනීම සඳහා පාර්ලිමේන්තුව මූලික වෙච්ච ස්ථාවර සභාවක් ගොඩනගන්න අපි එකඟයි එයට සූදානම් එසේ කිරීමෙන් පමණයි අරගල කරුවන්ගේ වැදගත් වූ මතවාදයන්ට රාජ්‍ය පාලනයේ දී ඉඩ ලබා දෙන්න පුළුවන් වෙන්නේ අපිට එකඟ වෙන්න බැරි කිසිදු යෝජනාවක් ඔවුන්ගේ යෝජනා මාලාව තුළ නැහැ.

අපි රනිල් වික්‍රමසිංහ මැතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ ඔහුට ජන මතයකුත් නැහැ ඒ වගේම පාර්ලිමේන්තුවේ තවත් අයෙකුත් නැහැ එතුමා තනියෙන් ඉන්නේ එතුමාටත් කියන්නේ මේ ආණ්ඩුවට එකතු වෙන්න අපි හදන ජාතික සමගිය ආණ්ඩුවට එකතු වෙන්න එතුමා පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂයක් පළපුරුදු කෙනෙක් අපි හැදෙන මේ ස්වර්ව පාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවට රනිල් වික්‍රමසිංහ ඇති තුමාටත් එකඟ වෙලා එතුමාගේ දැනුම සේවය ලබාගන්න පුළුවන් එතුමා බැහැර කරන්න අපි සූදානම් නැහැ එතුමා අගමැති තනතුරේ රැඳී සිටියා තවදුරටත් දින කිහිපයකට පුළුවන් වෙයි වැඩබලන ජනාධිපති ධූරයක් වෙන්න එහි ඇති විශේෂ දෙයක් නැහැ කෙන් වෙන්නේ ඒකමතික හදන ආණ්ඩුවට බාධාවක් ඇති වෙන එක පමණයි ඊළඟ බදාදාට පාර්ලිමේන්තුව රැස් වෙලා අනුප්‍රාප්තික ජනාධිපති වරයෙක් තෝරගත්තට පස්සේ ඔහු තමයි රටේ ජනාධිපති වෙන්නේ.

එලැඹෙන බදාදා වෙනවිට පාර්ලිමේන්තුවෙ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරාගැනීමේ ක්‍රියාවලිය සඳහා ඡන්දයක් පවත්වන්නෙ නැති විදියට මේ කටයුතු බේරගන්න බැරි නම් ජාතියට කරන්නේ ද්‍රෝහිකමක් ලබන බදාදාට පාර්ලිමේන්තුවේ ඒකමතිකව අනුප්‍රාප්තික ජනාධිපතිවරයා පත් වෙන්න ඕන ලබන බදාදාට ඊළඟ අගමැති කවුද කියලා තීරණය වෙන්න ඕන බදාදා හවස් වෙනකොට අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දෙන්න ඕන රාත්‍රිය වනවිට දේශපාලන ස්ථාවරභාවය සම්පූර්ණ ඇතිවෙන්න ඒ තුළ සෑම පක්ෂයකටම මතවාදයට ඉඩක් තියෙන්න ඕන අරගල කරුවන්ට මේ රටේ දේශපාලනය තුළ එකඟතාවය ගැන ඉඩක් තියෙන්න ඕන ඒ සියල්ල සාකච්ඡා කළ විසඳ ගන්න පුළුවන් බැරි දෙයක් නැහැ.