අද රට මුහුණ දී ඇති ණය මුදල් ගෙවීමට හා රටේ අර්ථිකය දියුණු කිරීම සදහා සමගි ජන බලවේගයට ස්ථිර වැඩපිළිවෙළක් ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි .
අද (12) සමගි ජන බලවේග පක්ෂ කාර්යලයේ දී පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් විසින් ඇසු ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින් අචාර්ය හර්ෂ ද සිල්වා මහතා මේ බව කියා සිටියේය .
ප්රශ්නය
ආණ්ඩුව අහනව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියොත් දමන කොන්දේසි විපක්ෂය භාරගන්නවද කියලා.
පිළිතුර
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිහින් දමන කොන්දේසිවල වගකීම මොන කෙංගෙඩිය කටද විපක්ෂයේ අපි බාර ගන්නේ ඒ කට්ටිය ආණ්ඩුව ඒ කට්ටිය කිව්වා මෙච්චර විසඳුම් තියෙනවා අතර විසඳුම් තියෙනවා අතනින් එනවා මෙතනින් එනවා කියලා අපි කියපු දේ ඇහුවද නෑනේ. බැසිල් ඇමතිවරයා බජට් එක මැද්දෙ ඉඳන් කියනවා හදිසියේම අපි IMF එකට APPOINTMENT දුන්නේ නැහැ කියලා. මොනවා කතා කරනවද මං දන්නෑ එහෙම නම් අපට දෙන්න ආණ්ඩුව අපි කරන්නම් එරාන් වික්‍රමරත්න ඉන්නවා අපි ඉන්නවා කබීර් ඉන්නවා අපි කරන්නම් අපෙන්නේ දැන් අහන්නේ අපි වගකීම් බාරගන්න වද ඇයි අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට epoiment එකක් දුන්නෙ නැත්තේ අපිද ආණ්ඩුව. ආණ්ඩුවට බැරිනං කියන්න බැරි බව කවුරුත් දන්නවා ආණ්ඩුව පුදුම ආණ්ඩුවක් .
ප්රශ්නය
විපක්ෂයේ ඔබලාට විසඳුම් තියෙනවද?
පිළිතුර
අපට විසඳුම් තියෙනවා ඒක ස්ථීරයි. වැඩපිළිවෙළක් තියෙනවා හැකියාව තියෙනවා ජාත්‍යන්තර සම්බන්ධතා තියෙනවා .අපි සියලුම සැලසුම් සකස් කරලා තියෙන්නේ .අපිට පුළුවන් කරන්න ඒ නිසා අපි සීයට සීයක සහතිකයක් දෙනවා අපිට මේක ගොඩ ගන්න පුළුවන් කියලා.
එහිදී තව දුරටත් අචාර්ය හර්ෂ ද සිල්වා මහතා කියා සිටියේ,
“අද වෙනකොට රට අන්තිම අමාරු තැනට වැටිලා .අපිට ආරංචියි එහෙට නැවතත් කැබිනට් එකේදි සාකච්ඡා කරන්න යනවා IMF යනවද කියලා. ඇයි දෙයියනේ ඕක කොච්චර සාකච්ඡා කරන්න දෙයක් නෙමෙයි. මෙලහකටත් IMF එකට ගියානම් අවුරුද්දකට කලින් ප්රශ්නය මෙච්චර අපහසු වෙන්නේ නැහැ. අද IMF එකට ගිහිල්ලා පරක්කු වැඩියි. එසේ ගිහින් කරන්න පුළුවන් ගනුදෙනුව සීමා සහිතයි. එදා ගියා නම් කොහොම හරි ෂේප් කරගන්න තිබුණා “