අද රට වැටී තිබෙන ණය උගුලට රට ඇද දැමුවේ මහින්ද රාජපක්ෂ මහතා බවත් එම වගකීමෙන් ඔහුට මිදිය නොහැකි බවත් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පැවසුවේය.

ඒ, අද (12) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

2005 දී මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා නොවුණා නම් අදටත් මේ රට තුළ සාමාන්‍ය ආර්ථිකයක් පවත්වාගෙන යාමට හැකියාව තිබුණු බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.

මහින්ද රාජපක්ෂ මහතා ගත් ණයවලින් හදපු ව්‍යාපෘති ඵලදායී නැති බවත් කිසිම ආදායමක් නොඑන ව්‍යාපෘති හරහා සිදුකළේ දේශපාලන ව්‍යාපෘතියක් බවත් හේෂා විතානගේ මහතා සඳහන් කරන ලදී.