සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අත්දැකීම් බහුල නායකයකු බවත් රට පත්වී ඇති අර්බුදකාරී තත්ත්වයෙන් රට බේරා රට ගොඩනැගිය හැකි එකම නායකයා සජිත් ප්‍රේමදාස මහතා බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පවසයි .

ඔහු කියා සිටින්නේ ,

අභාග්‍යයෙන් අභාග්‍යය⁣ට යන මේ රට ඉදිරියට ගොඩනැගිය හැක්කේ සමගි ජන බලවේගයට විතරයි. ඒ වෙනුවෙන් ඉදිරියට විශාල වැඩ කොටසක් අපේ දර්ශනය තුළ තියෙනවා. අපේ රටේ 2.86 %නේ තියෙන්නෙ කුඩා හා මධ්‍ය පරිමාණ ආසියානු රටවල 28 %30 මේක සුලු හා මධ්‍ය පරිමාන ව්‍යසායක ඇතිකරලා වැඩපිළිවෙළක් හදන්න ඕන ඒ අපේ දර්ශනය තියෙනවා සමගි ජන බලවේගය අලුත් පක්ෂයක් 2020 පෙබරවාරි පක්ෂය හැදුවේ අද පෙබරවාරි 6 අවුරුදු දෙකයි ලංකාවේ අලුත්ම පක්ෂය ප්‍රධාන විපක්ෂය බවට පත් වෙලා මන්ත්‍රීවරුන් 54 ප්‍රජාතන්ත්‍රවාදී රටවල විපක්ෂය යනු ඊළඟ ආණ්ඩුව විපක්ෂ නායක යනු ඊළඟට ජනාධිපති අපේ රටේ අවුරුදු තිහකට පස්සේ රාජ්‍ය නායකයෙක් පත් කරගන්න බැරි වුණා හිටපු පක්ෂයට සහ අපිට දැන් අපිට අවස්ථාව එලැබිලා තියෙනවා අවුරුදු තිහකට පස්සේ මීලඟ රාජ්‍ය නායකයා පත් කරගන්න. ඒ සඳහා සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස ඉදිරිපත් වෙනවා මේ වගේ රටක රාජ්‍ය නායකයා සමග ආණ්ඩුවක් නැතුව රටක් කරන්න බැහැ අපට අත්දැකීම් තියෙනවා ජනාධිපති නැතුව ආණ්ඩුවක් අරගෙන වැඩක් නැහැ. ඒ නිසා අවුරුදු 30කට පස්සේ සමගි ජන බලවේගය ජනාධිපති කෙනෙක් පත් කරගෙන මේ රට හරි දිසා විදියකට පත් කරගෙන අලුත් පක්ෂයක දර්ශනයක් අනුව යනවා ජනාධිපතිතුමන් පසුගියදා කිව්වේ අලුත් බලවේගයකට ඡන්දය දෙන්න කියලා ඒක තමයි සමගි ජන බලවේගය” බව මන්ත්‍රීවරයා පැවසීය .

තව දුරටත් කියා සිටියේ ,

“රටේ ජනතාවට අපි කියනවා අනිවාර්යෙන්ම ඉදිරි මැතිවරණයකදී අපි බලය ගන්නවා රටේ ප්‍රශ්න වලට විසඳුම් අපි ලබා දෙනවා එහිදී පාස්කු ප්‍රහාරය පොහොර ප්‍රශ්නය බඩුමිල අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල වැඩිවීම සම්බන්ධව ප්‍රශ්න ඒවට විසඳුම් ලබා දෙන බවද මන්ත්‍රීවරයා කියා සිටියේය .

තරුණ තරුණියන් ලංකාවේ තියා ගන්න අවශ්‍ය පරිසරය නිර්මාණය කරනවා

“රටේ ආර්ථිකය ගොඩනඟන්න ණය බර අඩුවෙන වැඩපිළිවෙළක් හදන බවත් තරුණයන්ට වැඩපිළිවෙළක් හදනවා නාධිපති අහනවා කෝ තාප්පවල ඇඳ තරුණ චිත්‍ර ඇඳ තරුණයා කියලා තරුණයා පිටරට යවන කෙනෙක් කළ යුත්තේ අපි රැකියාවලට රුණයන් යවන්න ඕන කියලා ඒක නෙමෙයි අපේ දර්ශනය තරුණයා ලංකාවේ තියාගෙන ඔහුට අවශ්‍ය පරිසරය හදන අපේ රටේ තරුණයෙකුට ලක්ෂයකට වැඩි වැටුපක් ගන්න වාහනයක් කරගෙන හොඳ විවාහයක් කරගෙන නිවසක දාගෙන මේ රටේ හොඳින් ජීවත් වෙන්න පරිසරය හදන්න සමගි ජන බලවේගයේ ආර්ථික දැක්ම තියෙන්නෙ තරුණයන්ට අපි කියනවා අපේ රට තුල අපි හදනවා කුඩා විවසායකයන් එයට අපේ අගය එකතු කරන පිටරට යවන වැඩපිළිවෙළක් අපි හදනවා කර්මාන්තශාලා ඇතිකරලා ඒ තුළින් කුඩා විවසායක ඇති කරලා ඒ මුදල් ගම තුළට ගිහින් ගමේ ආර්ථිකය හදන වැඩපිළිවෙළක් අපට තියෙනවා එයට සහයෝගය ලබා දෙන මෙන්” අශෝක් අබේසිංහ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේය .

මේ අදහස් දැක්වූයේ පසුගියදා පැවති විපක්ෂ නායක කාර්‍යලයේ මාධ්‍ය හමුවට එක් වෙමිනි .