ජීවන වියදම, භාණ්ඩ හිඟය, විදෙස් සංචිත සිඳීයාම වැනි කරුණු නිසා ශ්‍රීලංකව බරපතල අර්බුදයක සිරවෙමින් සිටී. මේවනවිට රටපුරා දක්නට ලැබෙන පෝලිම්වලට අමතරව ජනතා උද්ඝෝෂණ සහ විරෝධතා වැඩිවෙන ප්‍රවනතාවයක් දක්නට ලැබේ. වයඹ විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර අධ්‍යන අංශයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරෙරා බී.බී.සී අයතනයට කරනා ලද විග්‍රහයක් ඇසුරෙන් මේ ලිපිය සැකසේ.

මේ සිස්ටම් එක හැම පත්තෙන්ම කඩා වැටිලා තියෙන්නේ. දැන් අර්බුදයේ ආරම්භය, අවසානය, මැද කොහෙද කියලා හොයාගන්න බැරුව අපි ඉන්නේ. ඊළඟට මොකද වෙන්නේ කියලා අපි කවුරුත් දන්නේ නැහැ.

අපි දැක්කා ගෑස් පෝලිමක් තිබ්බා, ගෑස් පිපිරුවා. ඊට පස්සේ ඒක ඉවරවෙලා කිරිපිටි පෝලිමක් ආවා. ඒක ඉවරවෙනකොට තෙල් පෝලිමක් ආවා. ආයි ගෑස් පෝලිම එනවා, කිරිපිටි පෝලිම එනවා. මේක ජීවන රටාවේ කොටසක් කරගෙන. මිනිස්සුන්ට ඕනේ පෝලිමේ පාන්දර1, 2 වෙනකන් ඉදලා කිරිපිටි පැකට් එකක් ගත්තාම මිනිස්සු හිතනවා දැන් ඔක්කම හරි, අපිට බඩු හම්බවුණා කියලා. ඒ තැනට අපේ මනස හැදිලා තියෙන්නේ. මේකත් එක්ක සමස්ත ජීවන රටාව කඩා වැටිලා. මිනිස්සු රෑ පෝලිම්වල, දවල් වරුවේ විදුලිය නැහැ ඔෆිස්වල. අධ්‍යාපනය කඩා වැටිලා. හැම පැත්තෙන්ම කඩා වැටිලා තියෙන්නේ.”
මේක මේ මිනිස්සුන්ට තේරුම් ගන්නත් බැහැ. පාලකයින්ට තේරුම් ගන්නත් බැහැ. ඕනම දෙයක් නිවැරදි කරන්න නූලේ ගැටගැහිච්ච කොන හොයන්න ඕන. අපිට දැන් එහෙම හොයන්න බැහැ. අපිට දැන් හොයාගන්න බැරි තරමටම අඳුරේ අතපත ගානවා. මිනිස්සු අතරමං වෙලා බලන්න ඉන්නවා. අහන අහන මනුස්සයා අහන්නේ මොනවද වෙන්නේ කියලා.

මිනිස්සු ප්‍රශ්න ගොඩක අතරමං කරලා තියෙන්නේ. ඒක නිසා මිනිස්සු එළියට බහින්නෙත් නැහැ. මොකද මිනිස්සුන්ට එළියට බහින්නත් වෙලාවක් නැහැ. කලින් නම්, තෙල්මිල විතරක් වැඩිවුණා වගේ එක දෙයක් වුණා නම්, ආණ්ඩුවක් පෙරළෙන්න තිබ්බා. ප්‍රශ්න ඔක්කම ඇවිල්ලා මිනිස්සුන්ට එළියට බහින්න තියා හිතන්නවත් බැරුව අතරමං වෙලා ඉන්නේ. තේරෙන භාෂාවෙන් කියනවා නම් මඤ්ඤං වෙලා ඉන්නවා කියන්නේ . මිනිස්සු දැන් බලන්නේ කොහොමද හෙට දවසේ කාල බීලා ජීවත් වෙන්නේ කියලා. නැත්නම් හම්බවෙන පළමු අවස්ථාවේ දී කොහොමද මේ රටින් පනින්නේ කියලා.

ඩොලර් එකට තියෙන ඉල්ලුම ඉහළ ගියොත් තවත් ඩොලර් එක ඉහළ යයි. අපේ අපනයනවලට වඩා ආනයනවල වැඩිවීමක් තියෙන්නේ. ගිය සතියට විතරක් ඩොලර් එක 28%කින් වැඩි වුණා. ඒ කියන්නේ අපේ ක්‍රය ශක්තිය 28%කින් සතියක් ඇතුළත පහළ ගියා.
මේ වසර අග වන විට ඩොලරයේ අගය රුපියල් 300ක් දක්වා ඉහළ යනු ඇතැයි උපකල්පනය කළ හැකියි .

ජිනීවා කොමිසමේ ප්‍රතිඵල එන්නේ තව මාස කිහිපයකින්. අන්තිමේ දී අපිට වෙළෙඳ සම්බාධකයක් වගේ දේවල් ආවොත් අපි තවත් අර්බුදයකට ලක්විය හැකියි. කාදිනල් හිමිගේ මැදිහත්වීම සුළුවෙන් තකන්න බැහැ. කාදිනල්ට සිද්ධවුණා ජීනිවා යන්න. උන්වහන්සේට බනින්න බැහැ. යන්න වුණා තමන්ගේ ජනතාව වෙනුවෙන්. දැන් අන්තර් ජාතික පාර්ලිමේන්තුවේ මහ සභාවත් තියෙනවා. මේ ඔක්කොම ලංකාවට අහිතකර විදිහට බලපාන්නා පුලුවන්. කොහොම උනත් තව සතියක් ගෙවෙන විට මිනිසුන් පාරට බසින්න පුළුවන්.

තව සතියක් දෙකක් යනකොට සේවකයෝ පාරට බහිනවා. මිනිසුන්ට දරන්න බැහැ. වියදම් දළ වශයෙන් 60% – 70%කින් විතර වැඩි වෙලා. කෑම, තෙල් වැඩි වෙලා. 20%කවත් පඩි වැඩිවීමක් ඉල්ලලා මිනිසුස් පාරට බහියි. වතු කම්කරුවෝ ඉතාම අසරණ වෙලා. තිරිඟු පිටි කිලෝග්‍රෑම් එක රුපියල් 35කින් වැඩි කිරීම සහ භූමිතෙල් වැඩිවීම නිසා. ඒ මිනිස්සුත් මේ උද්ඝෝෂණයට එනවා. එකක් දෙකක් නොවේ උද්ඝෝෂණ රැල්ලක් එනවා. මිනිස්සුන්ට දරන්න බැහැ. එහෙම උනොත් අපි ආරාජිකවීමක් වෙන්නේ,” ඔහු කියා සිටියේ ය.