රටේ ජනමතයයි පාර්ලිමේන්තුවේ මතයයි කියන්නේ දෙකක් බව පාර්ලිමේන්තුවෙ පැවති ඡන්ද හැසිරුණු හැටියෙන් හදුනාගත් බව අද (27) විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පැවසිය.
ඒ පිලිබදව වැඩිදුරටත් අදහස් දැක්වූ රාජිත සේනාරත්න මහතා.
මේ වෙනකොට ලක්ෂ ගණනින් ඡන්ද අරගෙන ජනාධිපති පත් වුණු රටේ, රනිල් වික්‍රමසිංහ මහත්මයා ඡන්ද 134ක් අරගෙන ජනාධිපති ලෙස පත් වී තිබෙනවා එය පාර්ලිමේන්තුවේ පැවති ඡන්දයෙන්.
පාර්ලිමේන්තුවෙ අපේ ඡන්ද හැසිරුණු හැටියෙන් අපි දන්න දේ තමයි රටේ ජනමතයයි පාර්ලිමේන්තුවේ මතයයි කියන්නේ දෙකක් බව එය මුළු ලෝකයටම නැවතත් සනාථ කර පෙන්නුවා. මුළු රටේම ජනමතය තමයි අද පොහොට්ටුවට තියෙන්නේ එහෙම අවස්ථාවකදී අපි උත්සාහ කලා අපේ ප්‍රධානත්වයෙන් ඩලස් අලහප්පෙරුමව ජනාධිපති නිලවරණයට යොමු කරලා සජිත් ප්‍රේමදාස අග්‍රාමාත්‍යවරයා ලෙස බලාපොරොත්තු වෙන්න ඒ අරමුණ වෙනුවෙන් අපි සටන් වැදුණා. මේ තත්ත්වයෙන් රට මුදවා ගන්න රටේ ජනමතයට සමාන්තරව පාර්ලිමේන්තුවේ මතය හසුරුවීම සඳහා අපි එයට විශාල වෑයමක් දරුවා එහිදී හැම තැනම අපි කතා කළේ දේශපාලන පක්ෂ නායකයන් එක්ක එම පක්ෂවල සහය ලබාගන්න සාකච්ඡා කළා. ඒ අනුව පාර්ලිමේන්තුවේ තිබෙන පක්ෂ බැලුවොත් පොහොට්ටුවක් යූඇන්පී ඇතුළු සුළු පක්ෂ ඇරෙන්න අනෙකුත් සියළුම පක්ෂ අවසාන මොහොතේ දී අපිත් එක්ක හිටියා. නමුත් පොහොට්ටුව ඒ කරපු ක්‍රියාදාමය කළේ පක්ෂයත් එක්ක නෙමෙයි. ඔවුන් ගනුදෙනු කළේ මන්ත්‍රීවරු එක්ක ඒ වගේම ඔවුන් ගනුදෙනු කළේ බලය සහ ධනය එක්ක හැබැයි අපි වැඩපිළිවෙළක් ඉදිරිපත් කළා. ප්‍රතිපත්ති ඉදිරිපත් කළා එය රට ඉදිරියට ගෙනියන්නේ කොහොමද කියලා. ඒ වගේම මේ තියෙන අර්බුදයෙන් එළියට එන්නේ කොහොමද කියලා අපි හැම පක්ෂත් එක්කම කතා කළා නමුත් ඒ අය ඉදිරිපත් කළේ එහෙම එකක් නෙමෙයි සල්ලි, බලය සහ තනතුරුයි. ඉල්ලන අයට සල්ලි ලබා දුන්නා. ගෙවල් පිච්චුන අයට වන්දි ලබා දෙන්න වාහන පර්මිට්, පඩි වැඩිකිරීම් වැනි දේවල් තමයි ඒ අය ඉදිරිපත් කළේ. එහිදී මන්ත්‍රීවරු ඡන්දය දුන්නේ තමන්ගේ සුභසාධනය සඳහා. ජනතාවගේ සුභ සාධනය සඳහා නෙමෙයි .එයින් නැවත වරක් ඔප්පු කරා මන්ත්‍රීවරුන් ක්‍රියා කරන්නේ තමන්ගේ සුබසාධනය වෙනුවෙන් මිසක් ජනතා සුබසාධනය වෙනුවෙන් නෙමෙයි කියලා. ඒ අනුව අපි පැරදුනා ඒ තුල මන්ත්‍රී සුභසාධනය ජයග්‍රහනය කළා ජනතා සුබසාධනය පරාජය වුණා ඒක තමයි පාර්ලිමේන්තුව .මේ පාර්ලිමේන්තුවට එරෙහිව තමයි මේ රටේ විශාල දෝෂාරෝපණයක් තිබෙන්නේ එය නැවතත් සනාථ වුණා.
අද පොහොට්ටුවේ අයට දේශපාලනයක් නෑ ඒ අයගේ එකම දේශපාලනය රාජපක්ෂවරුන්ට දෙවියෝ, මහරජාණන් කියාගෙන ඔවුන්ගේ හොඳ කියාගෙන ඡන්ද ඉල්ලුවා මිසක් වෙන කිසිම දේශපාලන අවබෝධයක් නැහැ. ඒ කට්ටියත් එක්ක ඒ මතය ප්‍රකාශ කළා.
රනිල් වික්‍රමසිංහ ජනාධිපති වෙලා මුලින්ම මොකක්ද කළේ?, මේ රටේ ජනතාව වෙනුවෙන් යම් සහනයක් දෙන්න රටේ ප්‍රශ්න වෙනුවෙන්, ප්‍රගතිය වෙනුවෙන් කටයුතු කළේ නැහැ.සිදුකළේ නිදාගෙන හිටපු අරගල කරුවන්ට, තරුණයින්ට ,කාන්තාවන්ට, අම්මලාට අසික්කිත විදිහට පහර දුන් එක. එතන හිටපු හමුදා පොලිස් භටයෝ සංවේදීම තරුණයන් දැඩි ක්‍රියාමාර්ග වලට නොයා බීමත්ව හිටපු අය හමුදාවේ අය ඒ විදිහට නෙමේ හැසිරුණේ වෙනත් පාතාල අය විදියට හැසිරුණා සුළු කණ්ඩායමක් තමයි පහරදීමට සහභාගි වුණේ ඉන්න අය කියන විදියට .ඒ සඳහා නොයෙකුත් නම් කියවෙනවා හැමදාම මේ වගේ වනචර නොසන්ඩාල මෙවැනි කාලකන්නි වැඩ පිළිවෙලවල් කරල ගෝඨාභය රාජපක්ෂ විනාස කරපු එක්තරා පුද්ගලයෙකුගේ කණ්ඩායමක් තමයි පහර දුන්නේ. අරගලකරුවන් කැරලිකරුවන් නෙමෙයි එතන ඉන්න ඇතැම් අරගලකරුවන් හැසිරුනේ ඉතාමත් අවිහිංසා කාරීව ඔවුන්ගෙන් පරිබාහිරව ඔවුන් එක්ක සම්බන්ධකම් ඇති කරගෙන තිබෙනවා එම පහරදීම ජාත්‍යන්තරය හෙළා දකිනවා. වෙන දා රනිල් වෙනුවෙන් ඉදිරිපත් වෙන බටහිර සියලු තානාපතිවරු කාර්යාල ඉතාමත් පහත් ලෙස හෙළා දැකීම් සිදුකළා. එංගලන්තය ,ඇමරිකාව, යුරෝපා සංගමය හා ඔස්ට්‍රේලියාව, නවසීලන්තය සියලුම බටහිර අය හෙළා දැක්කා. ඒ විතරක් නෙමෙයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ස්ටාෆ් agreement එකේ හිටියේ ඒ අය මොහු ජනාධිපති උනාම කිව්වා ඉතාමත් ඉක්මනින් රටත් එක්ක ගිවිසුම් අත්සන් කිරීම කරනවා කියලා නමුත් මේ පහරදීම හෙළා දැකපු IMF ධ්‍යක්ෂක තුමිය කීවා අපි නැවත කල්පනාකාරීව තමයි සහන ලබාදීම ක්‍රියාත්මක කරන්නේ කියලා . ඒ ගැන තවදුරටත් සලකා බලනවා කිව්වා ලෝක බැංකුව මේ පිළිබඳව මේ රටට දෙන ආධාර ගැන නැවත සිතා බලමින් ඉන්නවා ඇත්තටම අපේ රට ලැබෙන ආධාර පවා අපට අහිමි වෙන තත්ත්වයක් මේ ක්‍රියාවලිය තුළින් ඇති වුණා.
රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති වෙලා තානාපතිවරුන්ට උගන්වන්න හදනවා එයා ඇමරිකාව තානාපති තුමියට කියනවා ඔය ගොල්ල කැපිටල් ගොඩනැගිල්ල අත්පත් කරගත් අයට ගහපු විදියට තමයි අපිත් ක්‍රියා කළේ කියලා හැබැයි කැපිටල් ගොඩනැගිල්ලට ආවේ අරගලකරුවන් ද කැරලිකරුවන් ද නමුත් මෙම සිදුවීම් දෙකක් එහිදී දොරටු අවහිර කර ගැනීම වැරදි හැබැයි අරගලකරුවන් ඊට පෙර දින තීන්දුවක් ගත්තා ඊට පසුවදා දහවල් දෙකට එතනින් ඉවත් වෙනවා කියලා ඒ බව පොලිස්පතිතුමාට ජනාධිපතිතුමාට දැනුවත් කළා මාධ්‍ය ඉදිරියේදී ප්‍රකාශ කළා එහෙම තියෙද්දි තමයි රෑ නින්දෙන් අවදි කරල පහර දීලා එළවල දැම්මේ. දේශීය විදේශීය මාධ්‍යවේදීන්ටත් පහර දුන්නා එය ලෝකය පුරාම ගියා සියලුම අය අරගලය ගැන කතා කරන්න පටන් ගත්තා නැවතත් රාජපක්ෂ යුගය තවත් මිනිහෙකුගේ ප්‍රධානත්වයෙන් ඇවිල්ල කියලා .
ජනාධිපතිතුමා කියනවා ඒ පිළිබඳව සියලුම තානාපතිවරුන් ට්විටර් පණිවිඩ නිකුත් කරනවා හැබැයි එයාගේ ගේ ගිනි තිව්වා වෙලාවේ ට්විටර් පණිවිඩ එව්වේ නෑ කියලා එයාගේ ගේ ගිනිතැබීම මම කිව්වා ඒ කරපු ක්‍රියාවක් අදත් කියනවා වැරදියි කියලා එතුමා මට දුරකතනයෙන් කතා කරලා මගේ ප්රවෘත්ති සාකච්ඡා බලලා මට ස්තුති කළා. එතුමාට මෙතෙක් බටහිර සියලූ තානාපතිවරුන් එයත් එක්ක හිටියා අද නැහැ අද බටහිරත් නැහැ ඒ නිසා එතුමාට කිසිම ආධාරයක් නැති තැනට පත් කරගත්තා මේ මෝඩ ක්‍රියාවෙන් එතුමා මේකේ පොහොට්ටුවේ මන්ත්‍රීවරු චූන් කරන්න ඒකකයක් කරගත්තා මෙච්චර කල් තිබුණු ජාත්‍යන්තර සහය සම්පූර්ණ නැති වෙලා ගියා ඒ නිසා එතුමා එතන ඉඳලා දැන් කියනවා සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගැන දැන් බිලී බා ගන්න හදනවා ඡන්දෙට බිලී බා ගත්ත වගේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවිය යුතුයි එය යථාර්ථයක් නමුත් සර්ව පාක්ෂික රජයක් වෙන්න ඕන ජනතාවාදී සර්ව පාක්ෂික රජයක් එහෙම නැතුව මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුව තියෙන සහන සලසන සර්වපාක්ෂික ආණ්ඩුවක් නෙමෙයි ඒ නිසා ඇත්තටම සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන කොට මුලින්ම බලන්න ඕන මේ රජය ජනතා හිතවාදී ද කියලා ජනතා විරෝධී නම් මොන ආණ්ඩු පිහිටෙව්වත් අපි සියල්ලම ජනතා විරෝධීයි. ඒ නිසා අපි ජයග්‍රහණය කරා සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිට වුවා නම් මුළු මහත් ජනතාවගේ ආශිර්වාදය ලැබෙනවා. මෙතන රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ සර්වපාක්ෂික හා ආණ්ඩුවට ජනතාවාදී දෙයක් නැහැ එහෙනම් කොහොමද අපේ ජනතාවත් එක්ක දේශපාලනය කරන්නේ අපි සර්වපාක්ෂික රජයකට යන්න මේ සියල්ල ඇති කරගත්තේ රනිල් වික්‍රමසිංහ මහත්තයට කියන්න තියෙන්නේ තමන් පිරිසිදු තැනක හොඳ දේශපාලන කඳවුරක ඉන්නකොට ඔහුගේ සියලු ක්‍රියා හොඳ වුනා වගේ නරක තැනකට ගියාම ඔහුත් දැන් රාජපක්ෂ වරයෙක් විදියට තමයි ක්‍රියාත්මක වෙන්නේ .ඒ තියෙන සංස්කෘතියට ඇබ්බැහි වෙන කොට එතන රඳා පවතින්න නම් රාජපක්ෂ වරයෙක් විය යුතුයි.
අද රට තියෙන්නේ කොහේද විදුලි බිල වැඩි කරන්න හදනවා ඉඉන්ධන ඇමැති හැමතිස්සෙම කියන්නේ තව මාස 12 කට ඉන්ධන ගේන්න සල්ලි නෑ කියලා ඒ කියන්නේ පෝලිං නැති වෙන්නෙත් නෑ මොකක්ද මෙතුම ආවා කියලා ඇතිවෙච්ච වෙනස. ඒ වෙනස මන්ත්‍රීවරුන්ට වෙයි නමුත් රටේ මිනිස්සුන්ට වෙනසක් වෙන්නේ නෑ එහෙම නම් මේ ආණ්ඩුව ඉදිරියට යා හැකිද? බැහැ ජනතා ආශිර්වාදය ලැබෙන්නේ නෑ අරගලය නවතින්නේත් නැහැ ගෝල්ෆේස් එකේ තියෙන්නෙ අරගලයෙි සංකේතයක් විතරයි රටපුරා අරගලයක් තියෙනවා එය සාගින්න පිළිබඳ අරගලය එය නැති වෙන තුරා අරගලය ගමන් කරනවා ඒ සාගින්න තමයි එයට නායකත්වය දීම තමයි අරගලකරුවන් කළේ.