අපේ මාතෘ භුමිය අද මුහුණපා ඇති ඛේදවාචකය නිරවුල්ව තේරුම් ගැනීම අත්‍යාවශ්‍යය. ඒ එය මතු පරපුරේ පැවත්මට අතිශයින්ම වැදගත් වන නිසාය. වර්තමාන ජනාධිපතිවරයා සහ ආණ්ඩුව බලයට පත්වුයේ ඉතිහාසයේ කිසිදු දේශපාලන පක්ෂයක් නොකළ ආකාරයෙන් මේ රටේ ජනතාව අතර සැකය, අවිශ්වාසය, වෛරය පතුරවාලිම දක්වා වු ගෝත්‍රික ක්‍රියාවලියක් තුළිනි. ඔවුන් දේශප්‍රේමයට මුවාවී වර්ගවාදය, ආගම්වාදය රට තුළ පතුරුවාලිමට කටයුතු කළහ. ජාතික ආරක්ෂාව අනතුරේ යනුවෙන් දිවා රෑ මතුරනු ලැබීය. රටේ ආර්ථිකය බිදවැටෙන බවත්, අත්‍යවශ්‍ය අහාර පාන මිල ඉහලට යන බවත් පවසමින් වේදිකාව දෙවනත් කළේ දැන් සැප ද? යනුවෙන් ජනතාවට ඔච්චමි කරමිනි. වර්තමාන පාලකයන් රටට පෙන්වා දුන්නේ තම පාලනයක් තුළ රට සෞභාග්‍යයේ මුවදොර ට පිවිසෙන බවය.
නමුත් අද සිදුව ඇත්තේ කුමක් ද ? රටේ ආර්ථිකය සම්පුර්ණයෙන්ම කඩා වැටී අවසන්ය. ආණ්ඩුව එය කොවිඩ් වසංගතයට බැර කිරිමට උත්සාහ දරයි .නමුත් සත්‍ය එය නොවේ. ඇතැමුන් ඒ අසාර්ථකත්වය දශක හතක දේශපාලනයට බැර කිරිමට උත්සාහ දරයි. එනමුත් සැබෑ ආර්ථික ගැටලුව පැන නගින්නේ රාජපක්ෂවරුන් රටේ පාලනය බාරගත් 2005 වසරෙන් පසුවය. මෙය අප බුද්ධිමත්ව වටහාගත යුතු කරුණකි .
අපේ රට ණය උගුලකට හසුවන වැඩ පිළිවෙල ආරම්භ වන්නේ 2007 වසරේදීය . ඒ වර්තමාන මහ බැංකු අධිපතිවරයා එකල ආරම්භ කළ ස්වෛරි බැදුම්කර ණය මුදල් ලබා ගැනීම ඇරඹීමට ගත් පියවර සමගය. ඉන් පසු අඛණ්ඩව 2013 දක්වා මෙම පදනමින් ණය ලබා ගැනීම සිදු කළහ. එම ණය මුදල් වියදම් කළේ මොනවාටද? මෙය අද වනතුරුත් රහසකි.
මෙම ණය ගෙවිම ආරම්භ වන්නේ වසර දහයකට පසුවය .2012 දි ලබා ගත් ණය ගෙවිය යුත්තේ 2022 දිය. එදා රාජපක්ෂවරුන් ගත් වැරදි තීරණය අද අර්බුදයේ ආරම්භයයි. එමෙන්ම රාජපක්ෂවරු අධික පොලියට ණය ලබා ගැනීමත් ආරම්භ කළහ . චීනයෙන් වානිජ බැංකු හරහා ගිනි පොලියට ණය ලබා ගනිමින් අසාර්ථක ණය බර, වසංගතයක් බවට පත්කරනු ලැබීය. රටේ මුල්‍ය කළමනාකරණය රාජපක්ෂවරුන්ට විහිලුවක් විය . දහසක් බොරු කියා 2019 යළි රාජපක්ෂවරුන් බලයට පත්වන විට අපේ විදේශ සංචිත වල ඉතිරියක් වාර්තා වී තිබුණි.
යළිත් බලය ලබා ගත් රාජපක්ෂවරුන් සුපුරුදු පරිදි අසාර්ථක ව්‍යාපෘති සදහාත් ගජමිතුරන්ට වරදාන දෙන බදු සහන ආදිය තුළින් ආර්ථිකය බිදදැමුවෙි විදෙස් සංචිතය පමණක් නොව යලිත් ස්වෛරි බැදුම්කරණය නම් ගිනි පොලියට ණය ලබා ගැනීම ක්‍රියාත්මක කරමිනි .
වර්තමාන රාජපක්ෂ පාලනය තුළ ආර්ථිකය බිදවැටිම ඇරඹුණේ කොවිඩ් වසංගතයට පෙර සිටමය. එමෙන්ම අද ගෙවන ණය පොලි සියල්ල 2005 ඇරඹි රාජපක්ෂ පාලනයේ තීරණ මිස 2015- 2019 තුළ ගත් තීරණ නොවේ . මෙම තත්ත්වය හමුවේ රට මුහුණ දි ඇති අභියෝගය සුළු පටුවුවක් නොවේ .රටේ ආනයන බිද වැටිම තුළ අත්‍යාවශ්‍ය අහාර පාන හිගයකට මුණ දිමට සිදු වෙනු ඇත.
තවත් පැත්තකින් කාබනික පොහොර නාඩගම තුළ දේශීය ගොවියා විනාශ වි හමාරය .අපනයන කර්මාන්ත වු තේ, රබර්, සුලු අපනයන බෝග රැසක් විනාශ වී ගොසිනි .එළවලු ගොවියා විනාශ වුවා පමණක් නොව, යලි පොහොර ලැබුනද වගාව යථාතත්වයට පත්විම කල්ගත විම වැලක්විය නොහැක. මේ නිසා මිල ඉහළ යාම තුළ ජිවන වියදම දරාගැනිමට නොහැකි තත්ත්වයකට පත්වෙමින් පවති . මෙම තත්ත්වය කොවිඩ් වසංගතය නිසා ඇති වුවක් නොවේ. රාජපක්ෂවරුන් ගේ අයහපත් ආර්ථික කළමනාකරණය සහ උද්දච්ච මානසිකත්වය නිසා සිදු වුවකි.
කාබනික නාඩගමට ගෙන්වනු ලැබූ අසුචි පොහොර නැවට ඩොලර් මිලියන 6.7 ක් ගෙවිමට සිදු වුයේ ඇයි ? මේවා කාගේ තීරණද ? අත්‍යාවශ්‍ය බෙහෙත් ටික, කෑම ටික ගෙන්න ඩොලර් හිගවෙලා තියෙද්දි, නොලැබුණ පොහොරකට ඩොලර් ලක්ෂ 67 ක් මහජන මුදලින් ගෙවීම සහගහන අපරාධයක් නොවන්නේ ද ?මේවායේ අතයට ගණුදෙනු සිදු වී අවසන්ය. නැනෝ යුරියා ගෙන්නන්ට රුපියල් කෝටි 1500ක් වියදම් කලත් සත්‍ය වියදම වුනේ රුපියල් කෝටි 400 ක් පමණි .අතයට ගණුදෙනුව කෝටි 1100 ක්ය ඒවා ගියේ කාට ද ?
රට පුරාම ගෑස් ටැංකි කාන්දුවීම් නිසා, පිපිරීම් නිසා අද ගෙයක් ගෙයක් ගානේ ඇත්තේ භීතියයි. පිපිරීම් වලට මුවාවී බලයට පත් ආණ්ඩුව අද ගෙයක් ගානේ පිපිරෙන රටක් නිර්මාණය කොට තිබේ. නැව් වරායේ හිරවී ඇති අතර බොර තෙල් නැතිව සපුගස්කන්දේ පිරිපහදුව වසා දමා ඇත.
සියලු නොහැකියාවන් කොවිඩ් වසංගතයට බැර කරන මේ පාලකයෝ අවසානයේ කොවිඩ් වලින් සිදු වුන මරණ වල වගකීමත් ජනතාවටම පවරයි. අදත් කොරෝනා ආසාදිතයින් දිනපතා මියයයි. මේ ආණ්ඩුව බලයට ආවේ ජාතික ආරක්ෂාව සටන් පාඨයක් කරගෙනය. අද වන විට සිදුව ඇත්තේ කුමක් ද ? අපේ රට ලෝක බලවතුන්ගේ පොර පිටියක් බවට පත්ව අවසන් ය .
මේ වනවිටත් ජිනීවා මානව හිමිකම් කමිටුවේ මෙරටට විරුද්ධව යෝජනා සම්මත කරමින් සිටී. මේවා කොවිඩ් වසංගතය නිසා ද ? අද වන විට රටේ අනාගතයම අනතුරේය. ආණ්ඩුවට දැන් ගත හැකි ක්‍රියාමාර්ගය වන්නේ මර්දනයට ලක්කිරිමය. රටම මහා බියකරු ඉරණමක දොරටුවේ සිටියත් රාජපක්ෂලාට සහ ආණ්ඩුවට ඒවා ගැටලු නොවේ. ඔවුන් ජීවිතය විදිමින් සිටී. රටම දැන් ඇත්තේ මහා ගිනි කන්දකය.රාජපක්ෂලා ප්‍රමුඛ ආණ්ඩුව ඒ මැද වීනා වාදනය කරමින් සිටී.
එබැවින් අප වහාම මේ තීරණාත්මක මොහොතේ එකට එක්විය යුතුය. මේ ප්‍රෝඩාකාරී, මර්දනකාරී,රස්තියාදුකාර ආණ්ඩුවට එරෙහිව මහා ජනතා බලවේගය නිර්මාණය කළ යුතුය.