රටට, ආගමට, ජාතියට ආදරය නැති මිනිහෙක් ජනාධිපති වෙලා හොරු ආරක්ෂා කරනවා බවත් රටේ ජනතාවගේ අනාගතය ඇදදමන බවත් ඊයේ විපක්ෂනායක කාර්යාලයේ පවතී මාධ්‍ය හමුවට සහබාගී වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් පැවසීය.

ඒ පිලිබදව වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර්.

අද තියෙන්නේ රටට, ආගමට, ජාතියට ආදරය නැති මිනිහෙක් ජනාධිපති වෙලා ඉන්න රටක වගේම හොරු ආරක්ෂා කරන ජනාධිපතිවරයෙක්. හොරු රැලත් එක්ක එකට එකතුවෙලා ඉන්න රටේ ජනතාවගේ අනාගතය, දරුවන්ගේ අනාගතය සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

ඊයේ දවසේ එක්සත් ජාතික පක්ෂයයි පොහොට්ටුවයි එකට එකතු වෙනවා කියලා නිවේදනය කරා. පුත්තලම් දිස්ත්‍රික්කය නියෝජනය කරන හෙක්ටර් අප්පුහාමි මැතිතුමාගේ මම ඉල්ලීමක් කරනවා තරහ වෙන්න එපා පුත්තලම් බුරුවෙක් තමයි මේක කිව්වේ. ඩී .එස් සේනානායක මැතිතුමා හදපු අපි අපේ ජීවිතේ බදු ආදරය කරපු එක්සත් ජාතික පක්ෂය හොරුන්ගේ, දූෂිතයන්ගේ, මංකොල්ල කාරයින්ගේ මිනීමරුවන්ගේ රැකවලා බවට පත්වෙලා නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමත් සමගි ජන බලවේගයේ හිටියත් අපට දුකක්, කණගාටුවක්. සිරිකොත මහගෙදර හොරු මිනීමරුවන්ට තැනක් තිබුණේ නැහැ මේ රටේ මහජනතාවගේ මංකොල්ල කාපු අයට තැනක් තිබුණේ නැහැ. අද පිට පේනවා සිරිකොත මහගෙදර හොරුන්ගෙන් මිනීමරුවන්ගේ ප්‍රටේ ජනතාවගේ දේපළ කොල්ල කාපු අය එක්ක එකට දීග කන මහගෙදරක් බවට පත්වෙලා තියෙනවා. අවංකවම අපිට ඒ ගැන කණගාටුයි ඒ නිසා පුත්තලම් බූරුවාට කියන්නේ මිනිහට බස් ඩ්‍රයිවර්ලා එක්ක තරගයක් නෑලු එයාට හොර ඔප්පු ලියන තැන්වල තරග නෑ වෙන වෙන දේවල් පිළිබඳ තරගයක් නෑ කියලා මම දන්නවා ඡන්දයට ඇවිත් පෙන්නන්න අලියයි පොහොට්ටුවයි එකට නමලා අරින්නේ. ඒ නිසා මේ දිගේ මම දකින්නේ බටහිර රටවල තියෙන living together සංකල්පයක් විවාහ නොවී පිරිමියයි කාන්තාවයි එකට ජීවත් වෙනවා මේ වුණේ living together දිනපු අය කසාද බැන්දා වගේ දෙයක් මහබැංකු හොරුයි මේ රටේ මහජනතාවගේ ධනය මංකොල්ල කාපු හොරුයි දෙගොල්ල එකට එකතු වුණා අපිට ප්‍රශ්නයක් නැහැ ඒක ඒ නිසා අපි ඉතා පැහැදිලිව කියනවා රංගේ බණ්ඩාරට ඔයා මාර්තු 11 තරම දැන ගැනීවි. එයා ලොකුවට කිව්වා කොළඹ මහ නගර සභාවට අලියගෙන් තරග කරනවාලු එන්න අපි කරල පෙන්නන්නම් කොට්ඨාස 66න් ගියපාර හයක් පැරදුනා මම එකොළහෙන්, 11ම දිනක් ඉල්ලන්න අලියගෙන් කරලා පෙන්නන්න පොහොට්ටුවෙන් හරි බෝට්ටුවෙන් හරි සුරුට්ටුවෙන් හරි ඉල්ලන්න. නිකන් බොරුවට කටමැද දොඩ වන්න එපා ඡන්ද තියන්න.

මේ ජනාධිපතිවරයා පත් වෙච්ච දවසෙ ඉඳල රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් මංකොල්ල කාපු ජනාධිපතිවරයෙක් දැන් මේ රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් කොල්ලකාපු විදිය තමයි කතා කිරීමේ නිදහස, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, ප්‍රජාතන්ත්‍රවාදීව රැස්වීමේ නිදහස මිනිසුන්ගේ මානව අයිතිවාසිකම් සියල්ල උදුර ගත්තා. ඒකට විරුද්ධව විපක්ෂය විදියට අපි දිගින් දිගටම සටන් කරනවා එයා හිට්ලර් කියලා එයාම කියා ගත්තා අපි එකට බය වෙන්නේ නැහැ වෙන්නෙත් නැහැ මොකද එයාගේ තරම අපි දන්නවා. එයත් එයාගෙ තරම දන්නවා හැබැයි රටට පෙන්වන්නේ නැහැ ඒ නිසා තමයි දිගින් දිගටම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් ඡන්දය කල් දාන්න විවිධ උත්සාහ දැරුවේ මේ ඡන්දය කල් දාන්න ඉස්සරවෙලාම කිව්වා රටේ සල්ලි නැහැ කියලා බිලියන දෙදාහක් අච්චු ගහපු කට්ටිය කියනවා සල්ලි නැහැ කියලා බිලියන දහයක් කියන්නේ ඩොලර් වලට හුවමාරු කරලා බැලුවම තෙල් නැව් භාගයක ගාණ ඩොලර් මිලියන 27යි මේ රටේ ආර්ථිකය කාබාසිනියා කරලා හොරකම් කරලා කුඩු පට්ටම් කරපු එවුන් හැමදාම බලයේ ඉන්න ඕන, මොකද ඒ අය හොරකම් කරලා දූෂණය කරල වංචා කරලා ඡන්ද තියන්න සල්ලි නෑ කිව්වොත් ඒ ආර්ථික ඝාතකයෝ හැමදාම බලයේ ඉන්න ඕන ඔය විදිහට මහමැතිවරණයත්, ජනාධිපතිවරණයත් කල් දාන්න පුළුවන් ඒ නිසා ඊට පස්සේ කිව්වා කොමිසම පස් දෙනාම ඒකග නැහැ කියලා ඇත්ත වශයෙන්ම ගැසට් එකට පස් දෙනාගේම අනුමැතියෙන් තමයි මුලින්ම යැව්වෙ වහන්න කියලා අපිට ආරංචි වුණා ජනාධිපති හොයනවලු ගැසට් එකේ අස්සන නෑ කියලා මොන ගැසට් එකේද අත්සන් කරන්නේ ඒක දන්නෙ නැති ජනාධිපති කෙනෙක් මේ රටේ ඉන්නේ ගැසට් එක ගහන්න කියලා ලියුම විතරයි අත්සන් කරලා යවන්නේ ඒ ආකාරයට කොමිසම බෙදන්න හැදුවා අපිට ආරංචි නොයෙක් දොළපිදේනි offer කරනවා කියලා ඊට පස්සේ කිව්වා එයා මැතිවරණයේදී ස්වාධීනව ඉන්නවා කියලා නීති විරෝධී ලෙස මැතිවරණ කොමිසම ජනාධිපති කාර්යාලය කැඳවලා එතනින් කඩන්න බැලුවා ඒත් බැරිවුණා දැන් ස්වාධීන ඉන්නවා කියපු මිනිහා ජනාධිපති කාර්යාලය ඇතුළට තමයි පොහොට්ටුවේ අයයි යූඑන්පී අයයි ගෙනල්ල සංගමයකට වුනේ ජනාධිපති කාර්යාලයේ එහෙම කරන්නේ කොහොමද ජනාධිපති ස්වාධීනව ඉන්නවනම්. ඊට පස්සේ ඊයේ නිල් හපුහින්න කියන නිලධාරියා එයාටත් අපි මතක් කරලා දෙන්න කැමතියි මහින්ද රාජපක්ෂගේ වැරදි නියෝග අරගෙන තමයි අනුෂ පැල්පිට ලලිත් වීරතුංග හිරේ ගියේ ඒ නිසා මේ රටේ පොලිස් නිලධාරීන් වේවා ඕනෑම රාජ්‍ය නිලධාරියෙක් වේවා මේ රනිල් වික්‍රමසිංහ හෝ කැබිනට් මණ්ඩලය හෝ රටේ ව්‍යවස්ථාවෙන් පිට ඒ අය දෙන නීතිවිරෝධී ව්‍යවස්ථාව කඩන උපදෙස් ක්‍රියාත්මක කෙරුවොත් මේ අවුරුද්දේ ආණ්ඩුව පෙරලෙනවා ලෑස්ති වෙලා ඉන්න නීතිය අනුව ඒකට බරපතළ විදියට දඩුවම් වලට මුහුණ දෙන්න.රෑ වෙලා කියනවා එගඒක ඉල්ලා අස්කර ගත්ත ද ඉල්ලා අස් කර ගන්නේ කොහොමද තාක්ෂණික කාරණා කියලා කවුද එයාට උපදෙස් දුන්නේ කැබිනට් මණ්ඩලයේ එහෙම තීන්දුවක් ගත්තද එහෙම නම් කැබිනට් මණ්ඩලය ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා තියෙනවා එහෙනම් කැබිනට් මණ්ඩලයට විරුද්ධවත් අපි උසාවි යනවා ඒ වගේම නීල් හපුහින්න කැබිනට් මණ්ඩලය ජනාධිපති වේවා වැරදි තීන්දු අරගෙන තියෙනවා නම් ව්‍යවස්ථාවෙන් පිට ක්‍රියාත්මක කරන්න එයාට අයිතියක් නැහැ මතකයිද දින 52 සිරිසේන ජනාධිපතිවරයා ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා කැබිනට් මණ්ඩලයක් පත් කරලා සුප්‍රීම් කෝට් එක ලබා දුන්න තීන්දුව ඒ නිසා අපි උසාවි යනවා මේ ප්ලාන්ට් කරපු මාධ්‍ය ආයතනවලින් දෙන ඉල්ලා අස්කර ගත්ත කියන ලියුම් අපි පිලි ගන්නේ නැහැ.

ඊළඟ කුමන්ත්‍රනයට තමයි ජනාධිපතිවරයා සූදානම් වෙන්නේ අපිට ආරංචි සමෘද්ධිය පරක්කු රජයේ නිලධාරීන්ගේ පඩිය පරක්කු කරනවා කියලා එකපාරටම කියනවා මෙච්චර දවස් නැති වෙච්ච ඒව දැන් ඊළඟට තෙල් නැව් පරක්කු කරන්න ලෑස්ති වෙනවා එහෙම කරනවා නම් සාහසිකයෝ මේ ආණ්ඩුව සාහසික ආණ්ඩුවක් ඡන්ද කල් දාන ඕන නිසා තෙල් නැව් පරක්කු කරනවා නම් ගෑස් නැවුම් පරක්කු කරලා පෝලිම් පෙන්නලා ඡන්ද කාල දාන්න හදනවා නම් මහත්තයෝ එකම විසඳුම මේ පාරත් පෝලිමේ ඉන්න එක නෙමෙයි වීදි බැහැල කැරලි ගහන එක අපි එයට නායකත්වය දෙනවා. ඒ නිසා පැහැදිලිව කියනවා මානව අයිතිවාසිකම් උල්ලංඝනය කරලා මානව හිමිකම් කඩ කරලා ඔයාට මේ රට පාලනය කරන්න බැහැ .ඊයේ දැක්කා ගෝඨාභය රාජපක්ෂ ටයි මහින්ද රාජපක්ෂටයි කැනඩාවට ඇතුළුවීම තහනම් කරා. රනිල් වික්‍රමසිංහ මහත්තයෝ ජාත්‍යන්තර ප්‍රජාවගේ ප්‍රතිරූපය දිනාගත්ත කියල අපි හිතාගෙන හිටියා පස්සේ තමයි දන්නේ එහෙම එකක් නැහැ කියලා දැන් පොහොට්ටු කාරයෝ එහෙම හිතනවා ඔයාටත් දවසක වෙන්නේ ඔය ඉරණමමයි කියන එක කියනවා ඒ නසා බොරු තර්ජන ගර්ජන වලට අපි බය නෑ හමුදාව දාන්න පොලිසියේ දාන්න අපේ බහින්නේ සාමාන්‍ය ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් මොකද හමුදා නිලධාරීන්ගේ පොලිස් නිලධාරීන්ගේ පඩිය සාමාන්‍ය පඩියක් ඔවුන්ගෙ ගේදොර ප්‍රශ්න අපි දන්නවා ඒ නිසා දැන් මේ මාසේ පලවෙනි දා ඉදලා අසාධාරණ ලෙස දෙවෙනි වතාවටත් විදුලි බිල ඉහළ දාලා ඒකට විරුද්ධව මේ ඉරිදා ලංකාව පුරාම පාරට බහිනවා ඒ වගේම පාසල් දරු දැරියන්ගේ අලුත් අවුරුද්ද සඳහා පොත්පත් පෑන් පැන්සල් එක සපත්තු කුට්ටම බෑග් එක තුන්ගුණයකින් ඉහළ ගිහින් තියෙනවා ඒකට විරුද්ධව මේ පහළොස් වැනිදා පාරට බහිනවා ඒ වගේම සාධාරණ ලෙස හම්බ කරල මිනිස්සු ගන්න වැටුපට බදු ගහලා තියෙනවා ඒව බලපාන්නේ මේ මාසේ ඉඳලා ඒකට විරුද්ධව මේ ඉරිදා පාරට බහිනවා එකතැනකට නෙමේ සමහර සීයට තුන කල්ලිය වගේ අද එක තැනක සෙනග ගිහිල්ලා ඊළඟ දවසේ තව තැනකයි අනිද්දා තව තැනකයි කරන්නේ නැහැ එක දවසේ මුළු ලංකාවේම කරලා පෙන්නනවා අන්න ඒ නිසා වැඩි වෙන බඩු මිල අසාධාරණ බදු අසාධාරණ ලෙස වැඩි කරන විදුලි බිල වගේම දරාගන්න බැරුව ගිහින් තියෙන ජීවන වියදම සහ පාසල් උපකරණ වලට විරුද්ධව පහළොස් වැනිදා ලංකාව පුරාම සමගි ජන බලවේගය අපි උද්ඝෝෂණයක් පවත්වනවා ඡන්දය කල් දැම්මොත් උද්ඝෝෂණය අඛණ්ඩ කෑරැල්ලක් දක්වා මෙහෙයවනවා කියන එක පැහැදිලිවම කියන්න කැමතියි ඒත් එක්කම රනිල් වික්‍රමසිංහට කියන්න කැමති ඔයාගේ නියෝග පොලිස් නිලධාරීන් පිළිගන්නේ නැහැ හමුදා නිලධාරීන් පිළිගන්නේ නැහැ මොකද ඒ අයගෙ ගෙවල් වලත් කන බොන ප්‍රශ්න තියෙනවා ඔවුන්ටත් තියෙනවා තමන්ගේ දරු මල්ලෝ ඉස්කෝලේ කවාගන්න බැරි ප්‍රශ්න දෙමව්පියන්ට බෙහෙත් ටික අරන් දෙන්න බැරි ප්‍රශ්න බදු ගහපු ප්‍රශ්නය නිසා විශාල පීඩනයක ඉන්න මේ නිසා හමුදා නිලධාරියෙක් ජනාධිපති වෙච්ච වෙලාවේ රටේ ජනතාව ප්‍රශ්න වලට විරුද්ධව පාරට බැහැපු වෙලාවේ එයාව එල වෙනකම් මිනිස්සු හමුදා නිලධාරීන්ට මුකුත් කරේ නැහැ ඒ නිසා මේ වගේ අටවගත්තු මවාපාන්න හදන Mr, bean කෙනෙකුට ඉන්න දේවිද ඒ නිසා ඔය තර්ජන ගර්ජන වලට අපි බය නැහැ අපි බහිනවා බැහැලා කුමන්ත්‍රණ දිගටම කෙරුවොත් ඡන්දෙ කල් දැම්මොත් වීදි බහින්නේ දෙකෙන් එකක් බේරගන්න ඒ වගේම කියන්න කැමති ඡන්ද තියන්න වුනොත් එහි පීඩනය සාහසික ලෙස ජනතාවට පටවන්න තෙල් නැව් කු කරොත් gas නැව් පරක්කු ඒකට විරුද්ධව කැරලි ගහන එක ගහනවා මොකද දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ජනාධිපති මාධ්‍ය ඒකකය අටවපු මාධ්‍ය ඉන්නවා ඒගොල්ලන්ගේ පත්තර තියෙනවා මේ ජනාධිපති මාධ්‍ය ඒකකය ප්ලාන්ට් කරපු මීඩියා කැම්පේන් එකට අන්න තෙල් නෑ ගෑස් නෑ කියන එක ඉස්සර වෙලාම ඒගොල්ලන්ගෙ පත්තරේ දානවා. ඊට පස්සේ ඒගොල්ලන්ගෙ ටීවී එකේ උදේට පත්තර කියවන චූටි මල්ලි ඉන්නවා උන් දෙනවා උන්ගෙ වර්ණනාව මේවා සාසිකයි ඒ නිසා රටේ ජනතාවට තෙල්නැති කරන්න කන්න නැති කරන්න ගෑස් නැති කරන්න මාධ්‍ය දායක වෙනවා නම් ඔවුන් ආචාරධර්ම පද්ධති උල්ලංඝනය කරනවා ඒ නිසා අපි කියන්නේ මම මාධ්‍යයට සම්බන්ධයි සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ආණ්ඩුවක අපිත් ඉන්නවා ඇමැති මණ්ඩලයක නීතිය හරියට ක්‍රියාත්මක කරනවා මම දැක්කා මාධ්‍ය ආයතනයක ඊයේ දේශපාලන විවාදයට ගියාම මාධ්‍යවේදියා එයා එයාගේ උන පූර්ණය දීලා තමයි පටන් ගන්නේ අමු අමුවේ පරිදි ගලවාගෙන කඩේ යන්නේ කැලණියේ නයි නටපු එවුන් වඳ බෙහෙත් ගෙනල්ල වද කොත්තු ගෙනල්ලා මෙහෙමයි රටේ වෙනස් කරන්නේ කියලා ජනතාවගේ ඔළු කාපු එවුන් අද එනවා වෙන මුහුණුවරකින් ඒ නිසා මාධ්‍යවේදීන් ටත් තියෙනවා සදාචාරාත්මක ආචාර ධර්ම පද්ධතියක් මාධ්‍ය ආයතන වලටත් තියෙනවා තමන්ගේ ව්‍යාපාර කරන්න ඕන කෙනෙකුට කඩේ යන්න ප්‍රශ්නයක් නැහැ හැබැයි අපේ ජනතාවට හෙණ ගහන අපරාධ කරන මාධ්‍ය කුමන්ත්‍රණ කරන්න එපා ඒ අයගේ මහත්තයා ආයතන වල අපේ වොයිස් කට් ගියත් එකයි නැතත් එකයි අපි දෙනවා කොහොමත් ඒක නවත්තන්න බැහැ මම පෞද්ගලිකවත් දිනනවා ඒක නවත්තන්නත් බැහැ ඒ නිසා අපි කියන්න කැමතියි කඩේ යන්න අපිට ප්‍රශ්නයක් නැහැ රෙදි ගලවගෙන යන්න එපා එහෙම ගිහිල්ලා සාහසික දේවල් වල සාක්ෂිකරුවන් බවට පත් වෙන්න එපා සාහසික කුමන්ත්‍රණවල සාක්ෂිකරුවන් බවට පත් වෙන්න එපා අනිවාර්යෙන්ම ඡන්ද කියන්න වෙනවා කල් දාන එකේ කොටස්කරුවන් වුනොත් ඒ ගොල්ලන්ටත් එහි පල විපාක විඳින්න වෙයි.

ඊයේ දිනයේ නීල් හපුහින්න කියන ලේකම්වරයා රටේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා ඒ නිසා තමයි අපි කියන්නේ දඬුවම් දෙන්න ඕන කියලා ඔයාට තාක්ෂණික කාරණා හෝ අමාත්‍ය මණ්ඩල උපදෙස් කියලා කවුරුත් එස් දුන්නත් ව්‍යවස්ථාවට බෙදීම් වැඩ කරන්න බැහැ ක එයා දන්නේ නැත්නම් අමාත්‍යංශ ලේකම් කෙනෙක් වෙන්න නොසුදුසු මිනිහෙක් මීට පෙර හිටපු ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර ට අධිකරණ තීන්දුවක් දීලා තියෙනවා ජීවිතකාලේ කවදාවත් රජයේ රැකියාවක් කරන්න සුදුසු නැති පුද්ගලයෙක් කියලා නීල් හපුහින්න එහෙනම් ඒ වගේ මිනිහෙක් කියලා තමයි මට තේරෙන්නේ

අද පොහොට්ටුවේ මහපොළොවේ ජනමතයක් නැහැ එක්සත් ජාතික පක්ෂය අතුගෑවිලා හැදි ගෑවිලා ගිහින් තියෙන්නේ ඒක නිසා සතුටක් නැහැ මහපොළොවේ අපේ සටන තියෙන්නෙ වෙන තැනක අපි කාලකන්නි සතුටක් ලබන අසමජ්ජාති එවුන් නෙවෙයි ඒ වගේම අපි මිනිස්සුන්ගේ වේදනාවක් උඩින් සමාජය පිළිගන්නේ නැති අශිෂ්ට දේවල් කරලා බලය ගන්න උනන්දු වෙන පුද්ගලයෝ නෙමෙයි ඒ නිසා තමයි 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ඡන්දය දුන්නේ ඒ නිසා තමයි මෙතෙක් දවස් අපි ජනාධිපතිවරයා පත් වුණාට පස්සේ පාරට මිනිස්සු බැස්සුවේ නැත්තෙ ප්‍රජාතන්ත්‍රවාදය හැසිරෙන්න ඕන හින්දා

දැන් ආණ්ඩුව හත්පොලේ ගාගෙන ඉන්නේ යූඑන්පී එකට කෙලවලා ආපු රනිල් වික්‍රමසිංහ පොහොට්ටුව ටත් කෙලවනවා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා හැටියට කරන හැම වැරදි වැඩක්ම පොහොට්ටුවේ ගිණුමටත් යනවා පොට්ටුවේ එවුන්ට කෙලවිලා ඉන්නේ කොහොමත් ඉතුරු ටිකටත් රනිල් වික්‍රමසිංහ කෙලවනවා .නීල් හපුහින්න රජයේ පරිපාලන සේවය ඉන්න ඉහළම නිලධාරියෙක් විදිහට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා විදිහට රටේ ව්‍යවස්ථාව දන්නෙ නැත්නම් ඔහු ඒ තනතුරට සුදුසු නැහැ රජයේ සේවයට නුසුදුසු පුද්ගලයෙක්.

එස් එම් මරික්කාර්