වත්මන් ආණ්ඩුවට රාජ්‍යය ගෙනයාමට තිබෙන එකම ප්‍රතිපත්තිය වී තිබෙන්නේ අර්බුදයට පත්ව ගෙම්බත්ව සිටින ජනතාවගෙන්  දිගින් දිගටම අධික ලෙස බදු අයකිරීම පමණක් බවත් ජනතාවගේ එකම බලාපොරොත්තුව වී තිබෙන්නේ හරි හම්බ කරගන්න මුදලින් දරුවන්ගේ අධ්‍යාපනයට සහ අහාර වලට වියදම් කර ණය නොවී ජිවත් වීම පමණක් බවත් වත්මන් ආණ්ඩුවේ ප්‍රතිපත්ති වලින් එම ජනතාවගේ මූලික අවශ්‍යතා පවා ඉටු කරගැනීමට නොහැකි තත්වයක් උදා වී ඇති බවත් මරික්කාර් මහතා පවසනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා වැඩිදුරටත් කියා සිටින්නේ වර්තමානයේ ණය නොගෙවන බංකොලොත් රාජ්‍යක් ලෙස රට නම් කර තිබුනද තවදුරටත් රටක් ලෙස ණය නොගෙවා සිටිය නොහැකි බවත් ණය ගෙවීම ආරම්භ කළ විට ජනතාව ආර්ථික වශයෙන් තව තවත් අර්බුදයකට පත්වීමට නියමිත බවත්ය.

වත්මන් රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ එකම ප්‍රතිපත්තිය වී තිබෙන, ජනතාවගෙන් අධික ලෙස බදු අයකිරීමේ ප්‍රතිපත්තිය අවම කර රාජ්‍ය අදායම වැඩිකරගැනීමට වෙනත් ක්‍රියාමාර්ග වලට එළඹීමට සිදුවන නවමුත්, ඒ ආකාරයෙන් නව ක්‍රියාමාර්ග වැඩපිළිවෙලවල් වලින් රට ගෙනයාමට වත්මන් ආණ්ඩුවට හැකියාවක් නොමැති බවත් මෙම තත්වය මත රටේ ජනතාව පමණක් දිනෙන් දින අසීරු තත්වයකට පත්වන බවත් මරික්කාර් මහතා මෙහිදී අවධාරණය කරමින් කියා සිටියේය.