මෙම වසර තුළ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය වසර දෙකකින් කල් දැමිය යුතු බවට එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම් පාලිත රංගෙ බණ්ඩාර කළ ප්‍රකාශයට එරෙහිව විරෝධය දැක්වීමට අද ජන අරගලයේ පුරවැසියෝ සංවිධානය සිරිකොත මුලස්ථානය ඉදිරිපිටට.

එම සංවිධානය අප වෙත කියා සිටියේ ප්‍රජාතන්ත්‍රවාදය අගයන, ජනාධිපතිවරණය , මහ මැතිවරණය බලාපොරොත්තුව සිටින ජනතාව වෙනුවෙන් රංග බණ්ඩාරගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ප්‍රකාශයට එරෙහිව සිරිකොත එක්සත් ජාතික පක්ෂ මුලස්ථානය අභියසටම පැමිණී විරෝධතාවය දක්වන බවයි.

69 ලක්ෂයක ජනතාවගේ ඡන්දයකින් පත්කරගනු ලැබූ ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව එලවා දැමු සුවහසක් ජනතාවගේ එකම අභිප්‍රාය වී තිබෙන්නේ නව මැතිවරණ හරහා මෙම වසර තුළ ජනතාවට හිතවාදී ආණ්ඩුවක් නැවත වතාවක් පත්කරගනිමයි, මෙවැනි පසුබිමක රට මේ තත්වයට අද දැමීමට සහ ජනතාව විසින් එලවා දැමු පොහොට්ටු ආණ්ඩුව ආරක්ෂා කිරීම වෙනුවෙන් ජනාධිපති ධූරය ලබාගත් රනිල් වික්‍රමසිංහ පිලෙන් මෙවැනි ප්‍රකාශයක් සිදුකිරීම ජනතාවට සරදම් කිරීමක් ලෙස අප සලකන්නෙමු.