යුක්තිය මෙහෙයුම අනිවාර්යයෙන් මේ රට තුල ක්‍රියාත්මක විය යුතු බවත් මේ ක්‍රියාවලිය තුලින් මද්‍රව්‍ය භාවිතා කරන සාමාන්‍ය පුද්ගලයින් පමණක් නොව මහා පරිමාණයෙන් මද්‍රව්‍ය මෙරටට ගෙන්වන පීරිස්ද අත්අඩංගුවට ගත යුතු බවත් ආසියානු මානව හිමිකම් කවුන්සිලයේ සභාපති ආචර්ය දිමුතු බාලසූරිය මහතා පැවසීය.

රුපියල් 1000කට අල්ලපු ගෙදර වළඳ විකුණා හෝ කුඩු පැකට් එකක් ගහන මිනිහා පොලිසියෙන් පැමිණ රැගෙන යනවා මිසක්  මද්‍රව්‍ය ළඟ තබාගෙන ඉන්න ඇමතිවරයකු පිළිබඳව හෝ රටේ ප්‍රභූ වරයෙක් පිළිබඳව තොරතුරු දැන්වූවත් ඒ පිළිබඳව පොලිසිය කිසිඳු තැකීමක් නොදක්වන බව එතුමා වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.

එතුමා වැඩිදුරටත් කියා සිටියේ මෙම ප්‍රකාශය කළ විගසම “යුක්තිය” මෙහෙයුම ක්‍රියාත්මක කරන නිලධාරීන් තමන් කුඩු කාරයන් වෙනුවෙන් පෙනීසිටින පුද්ගලයකු ලෙස හංවඩු ගසන බවත් එළඹෙන දිනයකදී තම නිවසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ප්‍රශ්න කිරීමට පැමිණිය හැකි බවත්ය.