ආණ්ඩුවක් කළ යුත්තේ ජනතාව ජීවත් කරවීම වුවත්, වර්තමාන ආණ්ඩුව සිදු කරන්නේ ජනතාව නො මරා මැරීමයයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
අද වන විට ජනතාවට අත්‍යවශ්‍ය කිසිවක් ලබාගැනීමට හෝ ලබා දීමට ආණ්ඩුව සමත් වී නැති බව පැවසූ විපක්ෂ නායකතුමා වියත් යැයි කියූ, ප්රබුද්ධ යැයි කියූ ආණ්ඩුව අද වන විට රට බලවත් ව්‍යසනයක් කරා තල්ලු කොට ඇතැයිද පැවසීය.
දූ දරුවන්ට කිරි පිටි ටික නැති, රටට අවශ්‍ය ඉන්ධන ටික නැති,විදුලිය කපන අන්ධකාර රටක් මේ ආණ්ඩුව නිර්මාණය කොට ඇතැයිද විපක්ෂ නායකතුමා පැවසීය.
ඒ මහතා මේ බව පැවසුවේ (12) නල්ලූර් හී පැවැති ජන හමුවකට එක්වෙමිනි.