මේ රටේ මුස්ලිම් ජනතාවට ඉස්ලාමීය ජනතාවට කරන්න පුළුවන් ලොකුම නිග්‍රහය කළේ රාජපක්ෂලා බවත් කොවිඩ් සමයේ භූමදානය ද ආදාහනය ද යන ගැටලුවේ දී ඔවුන් කටයුතු කළේ තමන්ට හිතෙන ආකාරයට බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ (13) පුත්තලමේ පැවැති ජන හමුවක් ඇමතීමට ගිය අවස්ථාවේ දී ය.
අරගලය තුළින් ඉල්ලා සිටිය කිසිදු වෙනසක් මේ වන තෙක් ඉටු නොවූ බවත් අවිහිංසාවාදී අරගලයට සම්බන්ධ පුද්ගලයකු ලෙස තමා මේ සම්බන්ධයෙන් තමා කණගාටුවන බවත් හිංසාවට කැමැති සමහර දේශපාලන කණ්ඩායම් මේ රටේ වගකීම බාර ගන්නවා කීමම විහිළුවට කරුණක් බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ අදටත් මේ රට පාලනය කරන්නේ පොහොට්ටු සෙවනැළි ආණ්ඩුව බැවින් රාජපක්ෂලා විසින් ජාතිවාදය අවුස්සා විනාශ කළ මිත්‍රශීලීත්වය නැවත ගොඩනගා එකී සෙවනැළි ආණ්ඩුව එළවා දැමීමට කටයුතු කළ යුතු බව යි.
ලෝකයේ සෙසු රටවල් අප පසුපස සිටියත් මේ වන විට එම රටවල් අප පසුකර ඉදිරියට ගොස් ඇති බැවින් අප ද එම මාර්ගයේ ගමන් කිරීමට නව ඇරඹුමක් කරා යා යුතු බවත් නව තාක්ෂණ ප්‍රවණතා හා සංකල්ප ඔස්සේ තාරුණය සවිබල ගන්වා රට තුළ තොරතුරු තාක්ෂණ විප්ලවයක් ඇති කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.