ආන්දෝල්නාත්මක කුරුණෑගල මහ නගර සභාවේ නගරාධිපති තනතුර සඳහා සුදුස්සකු පත්කර ගැනීමට අද (2) පවත්වන ලද ජන්ද විමසීමේදී සමගි ජනබලවේගය නියෝජනය කරමින් ඉදිරිපත්වූ සුමේධ අරුණශාන්ත මහතා වැඩි ජන්ද 4 කින් ජයග්‍රහණය කළේය.

නව නගරාධිපතිවරයකු තෝරා පත්කර ගැනීම සඳහා පවත්වන ලද ජන්දය සඳහා සුමේධ අරුණශාන්ත මහතා සමඟ විපක්ෂයම නියෝජනය කළ කුරුණෑගල මහ නගර සභාවේ විපක්ෂනායක විජයානන්ද වෙඩිසිංහ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ඉදිරිපත් විය.

ඔහුගේ සහායට පොහොට්ටුව සහ එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් වූ ආකාරයක් දැකගන්නට ලැබිණ.නමුත් පක්ෂ 2ම සහාය ලබා දී තිබියදීත් ඔහුට ලැබී තිබුණේ ජන්ද 6 ක් පමණී. සුමේධ අරුණශාන්ත මහතාට ජන්ද 10 ලැබුණි.

සුමේධ අරුණශාන්ත මහතා කුරුණෑගල මහ නගර සභාවට පත්වූ 17 වැනි නගරාධිපතිවරයා වේ.

කුරුණෑගල නගර සභාව ආන්දෝලනාත්මක නගරසභාවක් වූයේ එහි නගරාධිපතිවරයා රාජසභා මණ්ඩපයක් කඩා දැමීමෙ චෝදනාව ඇතුලු චෝදනා නිසය.