පාසල තුළින් අධ්‍යාපනය පමණක් නොව යුක්තිගරුක නීතිගරුක පුරවැසියකු බිහි කළ යුතු බවත් සමගි ජන බලවේගයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළ අමද්‍යප ගුණාංග උගන්වන බවත් දුම්වැටි මත්පැන් භාවිත නොකළ යුත්තේ ඇයි කියන දේ ශක්තිමත්ව උගන්වන බවත් එය රෝහල් තුළ පවා මේ මත්පැන් මත්කුඩු දුම්වැටි නිසා සිදුවන හානිය පිංතුර මගින් පෙන්වා දැනුවත් කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
2024 මැතිවරණ වසරක් නිසා බාර් ලයිසන් සූදුවක් ක්‍රියාත්මක වන බවත් මන්ත්‍රීවරුන් බාගෙන ඔවුන්ට වරදාන වරප්‍රසාද ලෙස බාර් පර්මිට් බියර් පර්මිට් ලබා දී ජනාධිපති අගමැති ඇමතිකම් ලබා ගැනීමට කටයුතු කරණ බවත් මෙයට විරුද්ධ විය යුතු බවත් බංකොලොත් රටේ බියර් පර්මිට් වයින් ස්ටෝර්ස් බලපත්‍ර ලබා දීම තරයේ ප්‍රතික්ෂේප කරණ බවත් සමගි ජන බලවේග රජයක් තුළ ඒවා අහෝසි කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ මව්වරුන්ගේ දිනය නිමිත්තෙන් අද ගම්පහ මීගමුව මහා රෝහලේ නොමේරූ ළදරු ඒකකයට රුපියල් 2,478,000 වටිනා Bubble CPAP Machine එකක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
තමාගේ කණ්ඩායමේ මෙවැනි වරදාන වරප්‍රසාදවලට පක්ෂය හෝ තම ප්‍රතිපත්ති හෝ පවා දෙන පිරිස් නොමැති බවත් මේ සූදුව ගැන ජනතාව දැනුවත් විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මෑන් පවර් සේවකයන්ගේ අයිතිවාසිකම් රැකිය යුතුයි
රටේ මෑන් පවර් ආයතනවල වැඩ කරණ ජනතවට ලැබෙන්නේ අඩු වැටුපක් බවත් මෙවැනි වහල් කම්කරු රැකියාවලට ඉඩ නොතැබිය යුතු බවත් සැවොම මානුෂීය විය යුතු නිසා මේ නීති වෙනස් කරනා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.
මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයට නව අරුතක් ගෙන ආ යුතුයි
රටේ පුරවැසියන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන අවබෝධයක් තිබිය යුතු බවත් මෙහි ඇති මූලික අයිතිවාසිකම් කඩ කළොත් ශ්‍රේෂ්ඨාධිකරණය හරහා පිළිසරණක් ලබා ගත හැකි බවත් මේ මූලික අයිතිවාසිකම්වල සෞඛ්‍ය අධ්‍යාපනය ආර්ථික අයිතිය නොමැති බවත් එවා ඇත්තේ 6 වැනි පරිච්ඡේදයේ බවත් ඒවා අධිකරණය හරහා අභියෝග කළ නොහැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
අපේ රටේ මුලික අයිතිවාසිකම් වන්නේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් වුවත් සමගි ජන බලවේග රජයක් තුළ මේ මූලික අයිතිවාසිකම්වලට ආර්ථික සමාජීය සංස්කෘතික ආගමික සෞඛ්‍ය හා අධ්‍යාපන අයිතියද ඇතුළත් කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
හොරු සමග වාසයට වඩා ගෙදර ඉන්න එක හොදයි
අදටත් රටේ දූෂණ වංචා සිදුවන බවත් ඒවා නතර කළ යුතු බවත් තමා හොරු සමග එක්ව තනතුරු බාර නොගත්තේ හොරුන් සමග වාසයට කැමති නොවන නිසා බවත් හොරු සමග වාසය කරනවාට වඩා ගෙදරට වෙලා ඉන්න එක යහපත් බවත් එය තමාගේ ප්‍රතිපත්තිය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහිදි වැඩිදුරටත් පැවසීය.
සෑම ගනුදෙනුවක්ම විනිවිදභාවයෙන් යුක්ත විය යුතුයි
රජයේ සෑම මුදල් ගනුදෙනුවක්ම විනිවිදභාවයෙන් යුක්ත විය යුතු බවත් ඕනැම පුරවැසියකුට දැන ගැනීමට හැකි විනිවිදභාවයක් සමගි ජන බලවේගය ඇති කරන බවත් ඒ තුළින් හැංගි හොරා මූල්‍ය වංචා කළ නොහැකි බවත් සැමදෙයක්ම ඩිජිටල් කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 58කට රුපියල් ලක්ෂ 1790ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 87 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 87ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4242ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 185ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 2043ක් වැය කර තිබේ.