මැතිවරණය සඳහා පොලිස් නිලධාරීන් ලබා ගැනීමට බාධාවක් නොමැති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මැතිවරණයක් පැවැත්වෙන අවස්ථාවකදී මැතිවරණ කොමිෂන් සභාවට සහයෝගය දැක්වීමට පොලිස් දෙපාර්තමේන්තුව බැඳී සිටින බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.

ඒ අනුව තවමත් පොලිස්පතිවරයෙකු පත්කර නොමැති වුවද අවශ්‍ය කටයුතු මේ වන විට සිදුකරමින් ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.