දේශපාලන පක්ෂ සහ සිවිල් ක්‍රියාකාරිකයන් මෙන්ම මහ ජනයාගේ ඉල්ලීම පරිදි පළාත් පාලන මැතිවරණය පැවැත්වීයා යුතුව ඇතත් ඒ සම්බන්ධයෙන් නීතිපති උපදෙස් මේ වන තෙක් ලැබී නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරයි.

මැතිවරණය පැවැත්වීම සදහා අනෙකුත් සියලු පාර්ශවයන්ගේ අනුමැතිය ලැබී ඇති අතර මෙම සතිය තුළ නීතිපති උපදෙස් ලැබෙනු ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

පළාත් පාලන සීමා නිර්ණය කමිටුව පත්කිරීම සමග පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ලබාගැනීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව තීරණය කළේය.

කෙසේවෙතත් මේ වන විට පළාත් පාලන මැතිවරණය නියමිත දිනට පැවැත්වීමට අවශ්‍ය පියවර ගන්නා බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කර ඇතත් ඊට අදාළ දිනවකවානු මේ වන තෙක් ප්‍රකාශයට පත්කර නොමැත.

නීතිපතිවරයා මේ සම්බන්ධයෙන් ඔහුගේ මතය දැනුම් දී නොමැති බැවින් ඊට අදාළ උපදෙස් ලැබුණු වහාම දින වකවානු ප්‍රකාශයට පත්කරන බව මැතිවරණ කොමිසම සඳහන් කළේය.