මේවන විට ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ ඇති ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් කොළඹ 7 රීඩ් මාවතේ කෘතීම හොකී පිටියක් නිර්මාණය කරන බවත් මෙවැනි දෙයක් කරන එක හොද බවත් මේ සදහා යොදන මූලික කොන්ක්‍රීට් ස්ථරය දින 20ක්වත් වියලි භාවයෙන් තිබිය යුතු වුවත් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් විසින් මෙම ඉදිකිරීම් සිදු කරන සමාගමට එහි ඉදිකිරීම් කඩිනම් කරන ලෙස දන්වා ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මෙම කොන්ක්‍රීට් අතුරා ඇත්තේ 2024.7.31 බවත් එය ⁣අගෝසතු මස 19/ 20 වන තුරු තිබිය යුතු වුවත් අධ්‍යයක්ෂ ජනරාල්ගේ ඉල්ලීම මත එහි ඉදිකිරීම් කඩිනම් කර ඇති බවත් මැතිවරණ සමයේ මැතිවරණය ඉලක්ක කර මෙසේ රජයේ මුදල් අවිධිමත් ව්‍යාපෘති සදහා යෙදීම අපරාධයක් බැවින් එය නිවැරදි ආකාරයට සිදු කරන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය.

අගෝස්තු 15 විවෘත කරන්න බාල හොකී පිටියක් සකස් නොකර නියමිත පිරිවිතරයන්ට අනුව එය සකස් කරන ලෙසත් රටේ මුදල් නාස්ති කරන වැරදි දේවල් කලෝත් ජනාධිපතිවරණයන් පසු ඒවාට පිළිතුරු බඳින්න වෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී පැවසීය.