රට බංකොලොත් කිරීමේ චෝදනාව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ වෙතට සහ අමාත්‍ය අලි සබ්රි වෙතට එල්ලකිරීම සඳහා ව්‍යාපාරයක් ක්‍රියාත්මක වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා.

අද (02) පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් සඳහන් කළේ,විපක්ෂ නායකවරයා අප්‍රේල් මාසයේ කරුණු 9 ක් ඔස්සේ ණය අත්හිටුවීමට ණය හිමියන් සමඟ සාකච්ඡා කරන ලෙස හිටපු මුදල් අමාත්‍ය අලී සබ්රි දැනුවත් කළ බවයි.

කෙසේ වෙතත් හිටපු මුදල් අමාත්‍ය අලී සබ්රිට ඒ සඳහා අවස්ථාවක් නොලැබුණ බවත් වත්මන් මහ බැංකු අධිපතිවරයා එම කාලයේ ධූරයේ කටයුතු  නොකළ බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා වැඩිදුරටත් සඳහන් කළේ.