පාර්ලිමේන්තුවේ මහින්දානන්ද අලුත්ගමගේ වගේ අය බොරුවට වාචාලකමට කියනකථා අහන්න අපිට උවමනාවක් නැහැ රටේ. මිනිස්සුන්ට උවමනාවකුත් නැහැ. ඊයේ විවාදයේ දී වැඩිපුර කියවුනා පාස්කු ප්‍රහාරය ගැන .ඒ වගේම රටේ ආර්ථිකය ගැන. හරි විදිහට නම් පාස්කු ප්‍රහාරය ගැන කතා කරනවිට නීතිය සාමය ඇමතිතුමා ඒකට උත්තර දෙන්න ඉන්න ඕන. රටේ ආර්ථිකය ගැන කතා කරද්දී මුදල් ඇමතිවරයා උත්තර දෙන්න ඉන්න ඕන. ඊයේ නීතිය සාමය ඇමතිත් නැහැ. මුදල් ඇමතිත් නැහැ. පාස්කු ප්‍රහාරයට උත්තර දෙන්නේ ධීවර ඇමති සහ කෘෂිකර්ම ඇමති. ආර්ථිකය ගැන ප්‍රශ්ණයට උත්තර දෙන්න කෙනෙක් නැහැ එතනයි ආණ්ඩු පක්ෂයේ වැටිල තියෙන තැන.