නිදහස් චින්තකයෙකුගෙන් 👇

2001 සිට මම වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට ඡන්දය දුන්නේ ඔහු ඒ වන විට එතරම් දූෂිතයෙකු නොවන බව දන්නා නිසා සහ ඔහු පක්‍ෂයේ ඒකාධිපතියෙකු වූ නමුත් එදා හොඳ කණ්ඩායමක් සමඟ අනෙක් අයට වඩා හොඳ නිදහස් වෙළඳපල සැලැස්මක් ඔහුට තිබුණු නිසාය. නමුත් අද වන විට ඔහු සෑම පැත්තකින්ම අලුත් සහ පරණ මෙගා තක්කඩියන් විසින් වට කරගෙන ඇත, ඔහු අද බලය ගැන පමණක් උනන්දුවෙන් නොයෙකුත් කටයුතු සිදුකරමින් සිටී.

රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධුරය දරූ 2015 ආණ්ඩුවේ දී ඔහු ජනතාවට යහපාලනය පොරොන්දු වූ නමුත්, අවසානයේ ඔහුගේම පක්‍ෂයේ සහ රාජපක්‍ෂ රෙජීමයේ බැඳුම්කර මගඩිය සමඟ එක්වී දූෂිතයන් ආරක්‍ෂා කළේය, එතැන් පටන් මම ඔහුගේ අවංකකම පිළිබඳව තීන්දුවක් ගැනීමට පටන් ගත්තේය.

අද වන විට ඔවුන්ගේම ක්‍රියා නිසා බංකොලොත් වූ රට ඔහු නැවත ප්‍රකෘති තත්වයට ගත් බව කියමින් රනිල් වික්‍රමසිංහ වීරයාගේ චරිතය රඟදක්වමින් සිටී. මෙහි කිසිඳු සත්‍යතාවයක් නොමැත මන්දයත් ජනතාව විසින් ගෝඨාභය රාජපක්ෂ පන්නා දැමීමට පෙර ඔහුගේ ආණ්ඩුව විසින් මහ බැංකුවට සහ භාණ්ඩාගාරයට නන්දලාල් වීරසිංහ වැනි අලුත් කණ්ඩායමක් පත්කරන ලදි එම කණ්ඩායමේ ක්‍රියාකාරකම් මගින් මූලික වෙනස්කම් කිහිපයක් සිදු කළ අතර, වර්තමානය වන විට රටේ යම්කිසි ස්ථාවරත්වයක් පවතීනම් එයට ගෞරවය ලැබිය යුත්තේ රනිල් වික්‍රමසිංහට නොව එම කණ්ඩායමටයි.

රනිල් වික්‍රමසිංහ විසින් නොයෙකවාරයක් වත්මන් මහබැංකු අධිපති නන්දලාල් ඉවත් කර රනිල් වික්‍රමසිංහගේ හිතවතෙකු සහ ජෝන් අමරතුංගගේ බෑනා වන දිනේෂ් වීරකුඩි මහබැංකු අධිපති ධුරයට පත්කිරීමට සැලසුම් සකස් කළ අතර මහ බැංකු අධිපතිවරයාට පාර්ලිමේන්තුවේදී පහර එල්ල කිරීමට වජිර අබේවර්ධන යොදා ගත්තේය.

ගෝඨාභය රාජපක්ෂගේ නික්මයාමෙන් පසු පාර්ලිමේන්තුවේදී පැවති ජනාධිපතිවරණ ඡන්ද විමසීමේදී රාජපක්ෂ රෙජීමය විසින් රනිල් වික්‍රමසිංහ ජනාධිපති ලෙස වැඩි ඡන්දයෙන් තෝරා පත්කරගනු ලැබුවේ, අනෙක් අපේක්ෂකයා වන ඩලස් අලහප්පෙරුම ජයග්‍රහණය කළේ නම්, ආණ්ඩු පක්ෂය දේකට බෙදී විපක්ෂය අතට පාලන බලය හිමිවීමේ බිය නිසා සහ රාජපක්ෂ දේශපාලනය එතෙකින් නිමා වීමේ බිය නිසාය.

රටේ ආර්ථික කඩාවැටීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වගකිව යුතු පාර්ශ්වයන් ලෙස නම් කර ඇති රාජපක්ෂ, කබ්රාල්, පී බී ජයසුන්දර ආරක්ෂා කරන ආකාරය පිළිබඳව රනිල් වික්‍රමසිංහ සහ මහින්ද රාජපක්ෂ විසින් සැලසුම් කර තිබුණි. එමනිසා රාජපක්‍ෂගේ ආරක්‍ෂක ලේකම් වන කමල් ගුණරත්න, ගෝඨා ආරක්ෂා කළ අලි සබ්රි, රාජපක්ෂලාගේ ඉතාමත් කුළුපඟ හිතවතුන් වන ශවීන්ද්‍ර සිල්වා සහ දේශබන්දු තෙන්නකෝන් තවමත් බලයේ සිටිති.

මේ වන විට රනිල් වික්‍රමසිංහට තමාගේ වාසිය වෙනුවෙන් මානව හිමිකම් යන වචනය හුදෙක් අර්ථ විරහිත වචනයක් පමණක්ම වී තිබේ. ඩයනා ගමගේ හිටපු මන්ත්‍රීවරියගේ ගැටලුවේදී එය හොදින් ඉස්මතු වී පෙනෙන අතර විදේශික රටක කාන්තාවක් වන ඩයනා ගමගේට හිතූ හිතූ පරිදි මහජන මුදල් අවබවිත කිරීමට ඉඩදී රනිල් වික්‍රමසිංහ තමාගේ වාසිය වෙනුවෙන් පසෙකට වී බලා සිටියේය.

සාගල රත්නායක, වජිර අබේවර්ධන, රවී කරුණානායක, මහින්දානන්ද, රෝහිත, ප්‍රසන්න, ජොන්ස්ටන් ආදි රාජපක්ෂ රෙජීමයේ සම්පූර්ණ දූෂිතන්, තොණ්ඩමන්, කරුණා අම්මාන්, පස්කුන් ප්‍රහාරය පිළිබඳව ප්‍රභල වගකිවයුත්තෙකු ලෙස සමාජය පිළිගන්න සිවනේසතුරේ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලියාන් යන ආදීහු දැන් රනිල් වික්‍රමසිංහගේ ප්‍රබල දේශපාලන ආධාරකරුවන් වී ඇත.

සිදුවෙන සියල්ල මේ වන විට ජනතාවට පැහැදිලි වෙමින් පවතී එක් පසෙකින් රනිල් වික්‍රමසිංහ යොදාගෙන බැසිල් පොහොට්ටුව නැවතත් ශක්තිමත් කිරීමට සැලසුම් කරමින් සිටී, තවත් පසෙකින් මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහගෙන් පසු නාමල් රාජපක්ෂට වාරය පැමිණෙන තුරු පිටිය සකස් කරමින් සිටී.

තවත් පසෙකින් රනිල් වික්‍රමසිංහ තම පරණ මිතුරුය වන චන්ද්‍රකා යොදාගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිද දැමීමේ උපරිම උත්සහයක් ගනිමින් සිටී.

පිං ජනාධිපතිකමක් ලබාගෙන මේ වන විට වසර දෙකක් බලයේ සිටියත් අඩුම තරමේ රනිල් වික්‍රමසිංහ තම පක්ෂය පිහිටුවිමටවත් කිසිඳු උත්සාහයක් ගෙන නැත. රනිල් වික්‍රමසිංහ ගැලවුම්කරුවා කර මීළඟ පුටුව නාමල් රාජපක්ෂට ලබාදීමේ මහින්ද රාජපක්ෂගේ සැලසුම මෙයින් පැහැදිලිව පෙනේ.

දේශපාලනය එසේ සිදුවෙද්දී මහා ජනතාව මේ දෙස අවබෝධයෙන් යුතුව මැතිවරණයක් තෙක් බලා සිටී, මැතිවරණයකින් ජයගැනීම සිහිනයක් පමණක් වී තිබෙන වික්‍රමසිංහ මේ වන විට අධිකරණයට පහර දීමට පාර්ලිමේන්තුව ඇතුළු සෑම වේදිකාවක්ම භාවිතා කරමින් අනෙකුත් ප්‍රතිවාදීන්ට පහරදීමට මර්වින් සිල්වා, සරත් ෆොන්සේකා, සහ රජිත් සේනාරත්න වැනි අය යොදා ගනිමින් සිටී

සමගි ජන බලවේගයෙන් මන්ත්‍රී ධූර ලබාගෙන බලය වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ සමඟ එකතු වී රාජපක්ෂ ආණ්ඩුව සමඟ කටයුතු කරන හරීන් සහ මනුෂ කම්කරු, විදේශ රැකියා, සංචාරක, ඉඩම්, තරුණ කටයුතු සහ ක්‍රීඩා යන ප්‍රභල අමාත්‍යංශ ලබාගනිමින් වඩාත්ම දුෂිතයන් අතර ප්‍රභල ස්ථානයක් ලබාගෙන සිටින අතරම කුප්‍රකට දූෂිත ඖශධ ගනුදෙනු සඳහා කෙහෙළියට අවසර දුන් මෙම කැබිනට් මණ්ඩලයෙන් වැඩි හරියක් 100%ක් දුෂිතයන් බව නොරහසකි. මීට අමතරව  නිමල් සිරිපාල, ලංසා, ටිරාන් වැනි දූෂිතයින්ට තමන්ට අවශ්‍ය ඕනෑම දෙයක් කිරීමට රනිල් වික්‍රමසිංහ නිදහස ලබා දී ඇත, දූෂිත විසා ගනුදෙනුව මෙයට ප්‍රභල සාක්ෂි සපයයි.

රනිල් වික්‍රමසිංහ තවමත් අපේක්ෂකත්වය ප්‍රකාශ කර නැතත් ජනතා මුදල් යොදවමින් රනිල් වික්‍රමසිංහ තම දේශපාලන න්‍යාය පත්‍රය ප්‍රවර්ධනය කරමින් සිටින බව පසුගිය දින වලදී පාර්ලිමේන්තුවේදීත් ඉන් පිටතත් ඇසුණු සුලබ කරුණකි, දිලිත් ජයවීර වැනි කුප්‍රකට ව්‍යාපාරිකයන් යොදවාගෙන විපක්ෂයේ ඡන්ද ලක්ෂ කිහිපයක් අහිමි කිරීමත් වික්‍රමසිංහගේම සැලැස්මකි.

එබැවින් රනිල් වික්‍රමසිංහ අනාගත ශ්‍රී ලංකාව සඳහා පිළිතුර නොවේ

රනිල් වික්‍රමසිංහ ගෙන ඇති වරදි දේශපාලන තීන්දු තීරණ නිසා දැන් ඔහුට ඉතිරිව ඇත්තේ වත්මන් අර්බුදයට වගකිව යුතු රාජපක්ෂ රෙජීමය ඇතුළු කිහිපදෙනා ආරක්ෂා කර 2030 න් පසු රටත් තම පක්ෂයත් සමඟ අගාධයකට යාම පමණි.

අපට අවශ්‍ය වන්නේ කිසිම පක්‍ෂයක එක මිනිහෙකුගේ සංදර්ශනයක් නොව වයස අවුරුදු 70ට අඩු දේශපාලනඥයන් කණ්ඩායමකි.

එක් නිශ්චිත අවසන් සටහනක් තිබේ, එම සිදුවීම නම්, වහාම IMF යා යුතු බවට 2022 දී පාර්ලිමේන්තුවේ දැඩි හැඟීම්වලින් ආචාර්ය හර්ෂ ද සිල්වා කෑ ගැසූ  අවස්ථාවයි, ඒ අනුව IMF වෙත යාම  රනිල් වික්‍රමසිංහගේ කාර්යයක් නොවනු ඇත. එය හර්ෂ ද සිල්වා මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ දැඩි ඉල්ලීම මත සිදුවූ දෙයකි.

වත්මන් රනිල් වික්‍රමසිංහ යනු රාජපක්ෂ පවුලට තම සිහිනය සැබෑ කර ගැනීම සඳහා අනුග්‍රහය සපයන පුද්ගලයෙන් වන අතර, ඔහු ඉතා දැඩි සවිඥානකයෙකු බව ද මතක තබා ගත යුතුව ඇත.

ඔබ ඡන්දය දීමට පෙර සිතන්න, අපට සේවය කිරීමට වඩා බලාධිකාරියට හොඳ මිනිසුන් ගෙන ඒමට නම් ඊළඟ පරම්පරාව ගැන සිතන්න. රනිල් වික්‍රමසිංහ, මහින්ද රාජපක්ෂ සහ චන්ද්‍රිකා කුමාරතුංග හවුලට නැවතත් පාලක පන්තියට නැවත බලය ලබාගැනීමට ඉඩ නොදිය යුතුව ඇත.