මුදල් අමාත්‍ය  බැසිල් රාජපක්ෂ මහතා විසින් ජනවාරි විසි වන දින භාණ්ඩ හා සේවා බද්ද පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවත් එමගින් සිදුවන්නේ රජයේ ආදයම් හෝ ජාතික ආදයම් වැඩි වීමක් නොවන බවත් නමුත් මැති ඇමතිවරුන්ගේ ආදයම් වැඩි වන බවයි සමගි ජන බලවේගයේ කැගල්ල දිස්ත්‍රික් පාර්ලිෙම්න්තු මන්ත්‍රි කබීර් හෂීම් මහතා පවසන්නේ.

ඔහු මේ බව කියා සිටියේ විපක්ෂ නායක කාර්යාලයේ දීය.

වැඩි දුරටත් පැවසූ කබීර් හෂීම් මන්ත්‍රිතුමා,

“අද වන විට 2021 සහ 2022 අයවැය දෙකේම භාණ්ඩ සහ සේවා බද්ද පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ආණ්ඩුව දැනුවත් කර තිබෙනවා. ජනවාරි මාසේ 20 පාර්ලිමේන්තුවට භාණ්ඩ හා සේවා බද්ධ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා එය බැසිල් රාජපක්ෂ මැතිතුමා හරහා ඒ පනත ඉතාම රැවටිලිමත් ආකාරයකින් ව්‍යාජ අරමුණකින් ඉදිරිපත් කර තිබෙන බව අපට හැගෙනවා.

එම පනතේ කියපු අරමුණ තමයි ජාතික ආදායම වැඩි කිරීම සහ රාජ්‍ය ආදායම වැඩි කිරීම. හැබැයි පනත ඉදිරිපත් කරලා තිබෙන ආකාරය අනුව පැහැදිලිව පෙනී යනවා ජාතික ආදායම හෝ රාජ්‍ය ආදායම වැඩි කරන්න නෙමෙයි ඇමතිවරුන්ගේ ආදායම වැඩි කරන්න දාපු එකක් බව. 

රටේ විෂාලම බදු ආදායම් ක්ෂෙත්‍ර කිහිපයක් පදනම් කරගෙන තමයි භාණ්ඩ හා සේවා බද්ද අය කරන්නට පනත ඉදිරිපත් කර තිබෙන්නේ .එය සූදු සහ ඔට්ටු ක්ෂේත්‍රයත්, මත්පැන් ,සිගරට් ,විදුලි සංදේශ සහ මෝටර් රථ ක්ෂේත්‍ර ඇතුලත්  එම ක්ෂේත්‍ර 05න් තමයි රටට වැඩිම ආදායමක්  හිමිවෙන්නේ. හැබැයි මේ පනත ඉදිරිපත් කර තිබෙන ආකාරය අනුව බලන කොට එය අමු අමුවේ අපේ රටේ ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් සිදු වෙන බව පැහැදිලියි. අපේ ව්‍යවස්තාවේ 148 හා 152 වගන්තියෙන් පැහැදිලිව රාජ්‍ය මූල්‍ය ආදායම හා මූල්‍ය පාලනය , මහජන මුදල් කළමනාකරණය කෙලින්ම ස්වෛරී බලය තියෙන්නේ අපේ රටේ පාර්ලිමේන්තුවට එම බලය පැහැදිලිව උල්ලංඝනය වීමක් සිදුවෙනවා කියන එක අපට පෙනී යනවා එය 148 වගන්තිය අනුවයි.

ඇයි මෙහෙම තියෙද්දි බැසිල් රාජපක්ෂ ඇමතිතුමා ඉදිරිපත් කරන මේ පනත අනුව ඇස්තමේන්තු කරන්නේ කෝටි 5000 ක ආදායමක් රජයට උපයාගන්න පුලුවන් කියන එක කෙලින්ම අපේ ව්‍යවස්තාවේ 149 වැනි වගන්තිය උල්ලංඝනය කිරීමක් සිදුවෙනවා මොකද මේ මුදල් ටික එකතු වන බද්ද ඒකාබද්ධ අරමුදලට ඇතුලත් නොකර මේ මුදල විශේෂ ගිණුමක් ආරම්භ කර එම ගිණුම මුදල් අමාත්‍යංශයේ නියෝජ්‍ය ලේකම්වරයා යටතේ ඇමතිවරයාට ඕන විදිහට ඒ මුදල් ටික ඒ අරමුදලට දාගෙන වියදම් කිරීමට පාර්ලිමේන්තුවේ පාලනයෙන් තොරව කටයුතු කිරීමට අවස්ථාව ලැබෙන්න පුළුවන් තමන් ඉදිරිපත් කරන භාණ්ඩ හා සේවා බද්ද පනතේ නම වැනි වගන්තිය යටතේ ක්‍රියාත්මක වන බව පැහැදිලිව කියල තියෙනවා එය බරපතළ විවස්ථාව උල්ලංඝනය කිරීමක් විදිහට අපි දකිනවා.

මෙහිදී අපේ රටේ කේන්ද්‍රය හෝ මූල්‍ය ප්‍රතිපත්තියත් තමයි රටේ සියලුම අයබදු තීරුබදු ස්වෙස් බදු හැම ආදායමක් ම අපේ රටේ ව්‍යවස්ථාවෙ 148 සහ 152 වගන්තිය යටතේ සියලුම මුදල් තැන්පත් විය යුත්තේ ඒකාබද්ධ අරමුදලේ එම අරමුදල කෙලින්ම පාලනය තිබෙන්නේ අපේ රටේ පාර්ලිමේන්තුවට පමණයි. දැන් ඒ වගන්තිය උල්ලංඝනය කරලා ඒ මුදල් ටික ඒකාබද්ධ අරමුදලට තැන්පත් නොකර මේ ක්ෂේත්‍ර පහේම එන බදු ආදායම වෙනත් ගිණුමකට තැන්පත් කරන්නයි එය තමන්ට ඕන විදියට වියදම් කරන්නයි ඉඩ හදා ගැනීමයි මෙහි වක්‍රව ව්‍යාජ ලෙස පනත ඉදිරිපත් කරන බව පෙනී යනවා.

මෙය බරපතළ හානියක් අපේ රටේ මූල්‍ය පාලනයටත් හානියක් මේ වෙනවිට අපි දකිනවා රට දැනටම විශාල මූල්‍ය අරබුදයකට  ගිහින් තියෙන අවස්ථාවක් මූල්‍ය පාලනය පාර්ලිමේන්තුව යටතේ ඉතාමත් ඉහළ මූල්‍ය විනයක් ඇතිව ක්‍රියාත්මක කරන්න ඕන වෙලාවක එම බලතල ඇමතිවරුන්ට ඕන විදියට තමන්ට ගිණුම් හදලා තමන්ට ඕන විදියට වියදම් කරන්න ඉඩ ප්‍රස්ථාව හදාගැනීම භයානකත්වය. රජයේ කලින් ක්‍රියාකාරිත්වය අනුව මේක තවදුරටත් පැහැදිලි වෙනවා වෙනත් කූට අරමුණක් තියෙනවා කියලා.

මේ පනතේ ඇමතිවරයාට බලය තියෙනවා තමන්ට ඕන විදිහට මේ ක්ෂේත්‍ර පහේම අයකරන බදු ප්‍රමාණය වැඩි කරන්න අඩු කරන්න ඒ වගේම එම ක්ෂේත්‍රයේ එක සමාගමකට සහනයක් දෙන්න ඕන කියලා හිතෙනවා නම් උදාහරණයක් විධියට මත්පැන් නිපදවන සමාගමකට සහනයක් දෙන්න අවශ්‍ය නම් ඇමැතිවරයාට පුළුවන් ඒක කරන්න ඒක පාර්ලිමේන්තුවෙන් සම්මත වෙන්න කලින් මාස තුනක කාලයක් තුළ ඇමතිවරයාට ගන්න තීන්දුව බලපාන බවටත් එම පනතේ බරපතල ප්‍රශ්නයක් තියෙනවා එහිදී මේ පනත හරහා ඇමතිවරුන්ට පුළුවන් තමන්ගෙ ගජමිතුරන්ට සහන දෙන්න, බදු අඩු කරන්න වැඩි කරන්න පාර්ලිමේන්තුවේ බලය උල්ලංඝනය කරලා කරන්න පුළුවන් තත්වයක් ඇති වෙයි කියන ප්‍රශ්නය මතු වෙලා තියෙනවා.”