රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් කළ වංචාව මිනීමැරීමට සමාන බවත්, එබැවින් ඔහුට ලබාදෙන දඬුවම හැටියට මරණ දඬුවම දිය යුතු බවත් වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසනවා.

“මෙම සිද්ධියේ දී සාපරාධී මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීම යටතෙත් විමර්ෂණ කිරීමට අධිකරණය ඇතුලෙ කතා වෙනවා. සාක්ෂි සහිතව ඔප්පු කරන්න ලැබුණොතින් මේ බෙහෙත් ගත්ත අයට ඒඩ්ස් හෝ හෙපටයිටිස් ආසාදනය වෙලා කියලා හෝ, මේ බෙහෙත් ගත්ත අය පිළිකා රෝගීන් බලාපොරොත්තු වූ ආයුකාලයට පෙර මිය ගිහිං කියලා, අනිවාර්යයෙන් ම සාපරාධී මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීම යටතේ චෝදනා ගොනු කිරීමට තරම් ප්‍රමාණවත් කරුණු මෙම නඩුව තුළ එකතු වෙනවා.”

යූ ටියුබ් නාලිකාවක සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ, හිටපු අමාත්‍යවරයා නඩුවේ නිතිඥයාගේ නිවසට ම ගොස් තමාව බේරා දෙන්නැයි හඬා වැටෙමින් ඉල්ලා සිටි බවයි.

තව ද මෙම වංචාව හෙළි නොවූයේ නම්, තවත් කෝටි සීයේ වංචා කොපමණ කරාවි දැයි නොදන්නා බව බව පැවසූ වෛද්‍යවරයා සඳහන් කළේ, ජනාධිපතිතුමන් මෙතරම් දිනක් පරීක්‍ෂණවලට බලපෑම් නොකර අමාත්‍යවරයාට දඬුවම් දීමට ඉඩ දුන් බවයි.

එසේ ම ඉහළ පුටුවල සිටින අයගේ බලපෑමක් සිදු නොවන්නේ නම්, දූෂිතයන්ට දඬුවම් දෙන්නට දැනට ඇති නීති පද්ධතිය හොඳ හොඳටම ප්‍රමාණවත් බවයි.