ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම ආසනයේ වඳුරඹ කොට්ඨාසයේ සමුපකාරයේ බලය සමගි ජන බලවේගය විසින් හිමිකර ගනු ලැබීය.
පොදුජන පෙරමුණේ බලකොටුවක් පැවති මෙම සමුපකාරය කාරක සභිකයින් 88 ක ගෙන් සමන්විතය. පැවැති ඡන්දයේදී සමගි ජන බලවේගයට එහි කාරකසභිකයින් 48 දෙනෙකු ගේ බලය හිමිවිය.පොදුජන පෙරමුණට දිනාගත හැකි වූයේ කාරක සභිකයින් 40ක් පමණි.
පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉසුරු දොඩම්ගොඩ මහතා නියෝජනය කරන්නේ බද්දේගම ආසනය වන අතර එහි සමගි ජන බලවේගය සංවිධායකවරයා වන්නේ බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා ය.