2019 වර්ෂයේ දී වත්මන් ආණ්ඩුවට රට භාර දෙන වීට විදෙස් සංචිත ඩොලර් බිලියන 10ක් තිබු බවත් අද වනවිට ඇත්තේ ඩොලර් මිලියන 500ක් බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පවසයි .

එතුමා කියා සිටින්නේ විදෙස් සංචිත අඩු වීමට හේතුව වත්මන් ආණ්ඩුවේ අකාර්යක්ෂම මුල්‍ය කළමනාකරණය බවයි .

විදුලි බලාගාර සදහා ඉන්ධන පිටතින් මිලදී ගැනිමට රජය අවසර ලබා දී ඇති බවත් එහෙත් ඩොලර් සංචිත හිගය නිසා තවදුරටත් පෝලිම් තත්ත්වය තියෙන බව ද, මන්ත්‍රීවරයා කියා සිටියේය .

ඔහු වැඩි දුරටත් කියා සිටියේ ඉන්ධන හා අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙන්වීමට විදේශ සංචිත ප්‍රමාණවත් වන්නේ සති එක හමාරකට පමණක් බවයි.

වර්තමානයේ රට පවතින මෙම අර්බුදකාරී තත්ත්වයෙන් මුදවා ගැනිමට සමගි ජන බලවේගයට ආණ්ඩුව භාර දෙන ලෙස ද, අශෝක් අබේසිංහ මහතා කියා සිටියේය .

සටහන – CJ