ආගමික ස්ථානවල විදුලි බිල ඉහළ නැංවීමට විරෝධය පළ කරමින් එළැඹෙන වප් පොහොය දිනයේ දී දිවයිනේ සියලු වෙහෙර විහාරස්ථානවල විදුලි පහන් නිවා දමා විරෝධය දක්වන ලෙස මධ්‍යම පළාත් මහ සංඝ සභාවට යෝජනාවක් ඉදිරිපත්ව තිබේ.

මෙම විරෝධතා මැඩලීම සදහා රජය විසින්දිවයිනේ තෝරාගත් පූජනීය ස්ථානවල විදුලි බිලට යම් සහනයක් ලබාදීමට රජයේ අවධානය යොමු වී තිබේ.

බුද්ධ ශාසන, ආගමික සහ ශාසනික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක පැවසූවේ ඒ, සම්බන්ධයෙන් විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා සමඟ ද සාකච්ඡා කළ බවයි. 

එමෙන්ම පූජනීය ස්ථාන සඳහා සූර්ය බලයෙන් විදුලිය ලබා දීමට ද ඉදිරියේදී අවශ්‍ය කටයුතු සිදු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.