නියෝජ්‍ය කතානායකවරයා තෝරන ඡන්දයේදී තම එකඟතාවය උනේ විපක්ෂය නම් කරන අපේක්ෂකයාට සහයෝගය දීම මිස පොහොට්ටුව නියෝජනය කරන අපේක්ෂකයාට සහයෝගය ලබා ලබා දීම නොවන බව පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, නමුත් අවසානයේ දී සිදු වුණේ ස්වාධීන වූවා යැයි කියන කණ්ඩායම නම් කළ අපේක්ෂකයා පොහොට්ටුවේත් අපේක්ෂකයා බවට පත්වීම යයි පැවසීය.

ජනාධිපතිවරයා නියෝජනය කරන පොහොට්ටුවේ, අගමැතිවරයා නියෝජනය කරන පොහොට්ටුවේ, ආණ්ඩුව නියෝජනය කරන පොහොට්ටුවේ සහයෝගය හිමිවන අපේක්ෂකයෙකුට සමගි ජන බලවේගය සහාය ලබා ලබාදීමට කිසිසේත් කටයුතු නොකරන බව පැවසූ විපක්ෂ නායකතුමා කොන්දේසි විරහිතව ජනතාව සමඟ හිට ගන්නා තම කණ්ඩායමට රෙදි ඇඳගෙන ජනතාව පාවා දිය නොහැකි බව ද පැවසීය.

වහාම විශ්වාසභංගය කඩිනමින් පාර්ලිමේන්තුවට රැගෙන එන ලෙස පැවසූ විපක්ෂ නායකතුමා එදාට අවසන් වශයෙන් ද ජනතාව සමග හිට ගන්නේ කවුද ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව සමග හිටගන්නේ කවුද යන්න අවබෝධ කර ගත හැකි යැයි ද පැවසීය.