ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ (පොහොට්ටුවේ) සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් පළාත් පාලන මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන් රැසක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ රට ගොඩනගන වැඩපිළිවෙළට සහාය දැක්වීමේ අරමුණින් සමගි ජන බලවේගය හා එක්ව තිබේ.

ඒ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් හිටපු නියෝජ්‍ය ඇමැති නන්දසේන හේරත් මහතා, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයෙන් නැගෙනහිර පළාත් සභාවට තේරී පත් වූ හිටපු ඇමතිනී ආරියවති ගලප්පත්ති මහත්මිය, ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් බස්නාහිර පළාත් සභාවට තේරී පත්වූ හිටපු පළාත් සභා මන්ත්‍රී දිලිප් කුමාර රාජපක්ෂ මහතා සහ කලුතර දිස්ත්‍රික්කයෙන් බස්නාහිර පළාත් සභාවට තේරී පත්වූ හිටපු පලාත් සභා මන්ත්‍රී අනිල් කුමාර විජේසිංහ මහතා ද වේ.

එමෙන් ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ගම්පහ දිස්ත්‍රික්කයෙන් බස්නාහිර පළාත් සභාවට තේරී පත්වූ හිටපු මන්ත්‍රී රෙහෙන්සිරි වරාගොඩ මහතා මෙන් ම කලුතර මහ නගර සභාව හිටපු මන්ත්‍රී ප්‍රසන්න විතානගේ මහතා ද විපක්ෂ හා සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමේ අරමුණින් සමගි ජන බලවේගය හා එක්විය.