මහනුවරින් පෙළපාලිය ආරම්භ වන විට ට්‍රක් රථයක විශාල කපුටෙක් රැගෙන ඉදිරියට ආවේය. මෙම කපුටා නිර්මාණය කිරීමට මුලිකත්වය ගෙන තිබුණේ හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාය.

ඔහු තමන්ගේ හිතවත් කණ්ඩායමකට දැනුම්දී තිබුණේ නුවරට පැමිණ කපුටෙක් නිර්මාණය කරන ලෙසය. සාටකයක් දමාගත් කුඩා ප්‍රමාණයෙක් කපුටෙක් නිර්මාණය කිරීමට සැලසුම් කර තිබුණත් හරින්ට අවශ්‍ය වී තිබුණේ තරමින් විශාල කපුටෙක් නිර්මාණය කිරීමටය. එවැනි විශාල කපුටෙක් නිර්මාණය කරන්නේ නම් වාහනක් අවශ්‍ය බව පවසා තිබූ අතර හරින් නුවර සිටින තවත් හිතවතෙක් ලවා වාහනයක් සූදානම් කර දුන්නේය.

මේ අතර සම්පූර්ණ පා ගමන සජීවීව විකාශය කිරීම සදහා අවශ්‍ය කටයුතුද සම්පාදනය කරනු ලැබුවේය. ඒ අනුව හරින් ඒ සදහා අවශ්‍ය තාක්ෂණික කණ්ඩායමක් සහ කැමරා සහිත බස් රථයක්ද එතැනට යොමු කරවා තිබුණේය.

පා ගමනේ සංවිධාන කටයුතු බොහෝමයක් රංජිත් මද්දුමබණ්ඩාර, හරින් ප්‍රනාන්දු, මනුෂ නානායක්කාර, එස්.එම් මරික්කාර් සහ නලින් බණ්ඩාරාගේ කර මත පැටවී තිබුණි. ඒ අනුව පෙළපාලියේ තැනින් තැනට යමින් එක පෙළට පෙලපාලිය හසුරවාගැනීමට ඔවුහු වෙහෙස වූහ.