ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතාට විනාශ කිරීමට පලපුරුද්දක් ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි .

මේ බව පවසා සිටියේ අද සමගි ජන බලවේගය ප්‍රධාන කර්‍යාලයේ පැවති මාධ්‍ය හමුවට එක් වෙමිනි.

ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වැඩි දුරටත් කියා සිටියේ ,

“ඒ අයට පළපුරුද්දත් තියෙනවා විනාශ කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් එයාට තීන්දුව කුත් දුන්නා ආයෙත් කවදාවත් රාජ්‍ය සේවයට ගන්න එපා කියලා.

උදාහරණයක් විදිහට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අපේක්ෂකයා වුණාම පුවත්පත් සාකච්ඡාවක්වත් තිබුණා ඒක අපිත් බැලුවා දේශීය නෙවෙයි ජාත්‍යන්තර මාධ්‍යවේදීනුත් ඇවිත් හිටියා එහිදී ප්‍රශ්න කරගෙන ගිහිල්ලා අන්තිමට ආර්ථිකය ගැන ප්‍රශ්න දෙක තුනක් ඇහුවා උත්තර දුන්නේ නැහැ සිරස ලක්ෂපති වැඩසටහනේදී වගේ ලයිෆ් ලයින් එක වගේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙන් ලයිෆ් ලයින් එකක් ඉල්ලුවා ආර්ථිකය ගැන ප්‍රශ්නයකට උත්තර දෙන්න බැරිව කොහොමද රට පාලනය කරන්නේ.

මාධ්‍යයෙන් තමයි ඒක වැහුවේ අද රට වැටිල තියෙන තත්ත්වයට ප්‍රධාන හේතුව සමහර මාධ්‍යය.

නොහැකියාව වැහුවා අද උදේට පුවත්පත් කියනකොට දෙපැත්තටම බනිනවා නමුත් අපේක්ෂකයාගෙ නොහැකියාව වැහුවා සමහර මාධ්‍ය විසින්.

එහෙම දෙයක් ඇමරිකාවේ හෝ එංගලන්තයේ, ජපානයේ, ඉන්දියාවේ වුනානම් මාධ්‍ය දුවනවා නමුත් අපේ රටේ මාධ්‍ය වැහුවා. එයට මාධ්‍යයත් වගකියන්න ඕන. නොහැකියාව තියෙන පුද්ගලයෙක්ගෙ නොහැකියාව වහලා ජනාධිපති වෙන්න ඉඩ හැරියා. මාධ්‍ය රටට ආදරෙන් පෞද්ගලික න්‍යාය පත්‍ර නෙමෙයි රටවල් වල ප්‍රධාන මාධ්‍ය පෞද්ගලික න්‍යාය පත්‍රයට නැහැ රට ගැන හිතලා තීරණ ගන්නේ එකක් දෙකක් තියෙන්න පුළුවන් පක්ෂග්‍රාහී මාධ්‍ය නමුත් බහුතරයක් තියෙන්නෙ රට ගැන හිතන රට කරන අය මාධ්‍ය.”