ගෑස් පිපිරීම් සම්බන්ධයෙන් සොයා බලන ලෙස සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පොලිසියට පැමිණිලි කළ බවත් එහෙත් මේ සම්බන්ධයෙන් අද දක්වා කිසිම පරික්ෂණයක් නොකල හෙයින් ගෑස් පිපිරීම් සම්බන්ධයෙන් සොයා බලන ලෙස ඉල්ලා සමගි ජන බලවේගය අධිකරණයේ නඩුවක් ගොනු කරන බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි .

ඔහු මේ බව කියා සිටියේ අද (06) විපක්ෂ නායක කාර්‍යලයේ දීය .

ඔහු වැඩි දුරටත් කියා සිටියේ ,

“ගෑස් අර්බුදය විසඳන්න මාස හතරක් යනතුරු මේ රජයට බැරි වෙලා. මේ වෙනවිට මේ රටේ ජනතාව ආහාර ටික උයන්නේ බයවෙලා .1000ට වැඩිය අද වෙන විට ගෑස් ටැංකි නිසා පිපිරීම් ඇති වුණා හත් දෙනෙක් මැරිලා කවුද මේකට වගකියන්නේ එහිදී මේ බාල ගෑස් ගෙනාපු ඒවා සංයුතිය වෙනස් කරපුවා. විශේෂඥ කණ්ඩායම කියලා තියෙනවා සංයුතිය වෙනස් කරපු නිසා මේ පිපිරීම් ඇති වෙන්නේ කියලා . මේ අය කියලා තියෙනවා ගෑස් වල සංයුතිය වෙනස් වුණා නැව් වල ඉතුරුවෙන බාල ගෑස් ටික ගත්ත නිසා තමයි මේ ප්‍රශ්න ඇති වෙලා තියෙන්නෙ කියලා. ආණ්ඩුව මේ වෙනුවෙන් ගත් ක්‍රියාමාර්ග මොනවාද කියලා අපි අහනවා.

අපේ සමගි ජන බලවේගය මන්ත්‍රීවරුන් ගිහිල්ලා රහස් පොලිසියට මේ සම්බන්ධව පැමිණිලි කර තියෙනවා. නමුත් කිසිම පරීක්ෂණයක් කර නැහැ .සභාපතිත් පිළිගන්නවා අධ්‍යක්ෂකත් මණ්ඩලය පිළිගන්නවා වැරැද්දක් වෙලා කියලා. ලාෆ් සමාගම කියනවා වැරැද්ද වෙලා තියෙන්නෙ ලිට්ට්‍රෝ සමාගමේ කියලා .හතක් දෙනෙක් මැරිලා තියෙද්දිත් ඒ මිනීමැරුම්වලට වග කියන අය අත්අඩංගුවට ගෙන නැහැ .ගෑස් භාර ඇමැතිවරයා ලිට්රෝ සමාගමේ සභාපති වරයා අධ්‍යක්ෂක මණ්ඩලයට නිලධාරීන් මේ මිනීමැරුම් 7ට පිපිරීම් 1000ට වගකියන්න ඕන ආණ්ඩුව අද කට වහගෙන ඉන්නවා.ඇමති අයින් කරන්න ඕන සභාපති ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයට විරුද්ධව මේ සම්බන්ධයෙන් පියවර ගන්න ඕන. ආණ්ඩුව එයට අපොහොසත් වෙලා තියෙනවා.

අද මිනිස්සුන්ට ගෑස් ටික ගෙදර නැහැ හෝටල් ටිකත් ඔක්කොම වහලා කොත්තු බාස්ලා ආප්ප බාස්ලා ගෑස් ටැංකි පුපුරයි කියලා දැන් වැඩට එන්නේ නැහැ.අද මනුස්සයෙකුට ආප්පයක් කොත්තුවක් කන්න නැති තත්ත්වයට පත්වෙලා. සමගි ජන බලවේගය විදිහට අපි තීරණයක් අරගෙන තියෙනවා අධිකරණයට යන්න එහිදී ඒකට අවශ්‍ය වගකිවයුත්තන්ට නීතිය ක්‍රියාමාර්ග වින්දිතයන්ට අවශ්‍ය වන්දියක් ලබා දෙන්න මරණ වලට තුවාල වෙච්ච අයට වන්දියක් ලබා දෙන්න කටයුතු කරන්නේ කියලා අධිකරණයට යනවා.”