වර්තමානයේ රටේ ඇත්තේත් පික් පොකට් ගහන ආණ්ඩුවක් බවත් ඒ ආණ්ඩුව ජනතාව ගැන කල්පනා නොකරන බවත් මේ පික් පොකට් ආණ්ඩුව ගෙදර යැවීම සඳහා සියලු බලවේග ඒකරාශී කරන බවක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (10) පැවසීය.

විපක්ෂ නායක තුමා මේ බව පැවසුවේ නව නගර ශාලාවේ පැවති රාජ්‍ය සේවා වෘත්තිය සමිති සම්මේලනය අමතමිනි.

ජනතා විරෝධය තරම ඊයෙ ආණ්ඩුවටම ඔවුන්ගේ රැස්වීමේදී දැකබලා ගන්නට හැකිවූ බව පැවසූ විපක්ෂ නායකතුමා ආණ්ඩුව පිහිටුවීමට දායකත්වය දුන් ගොවි ජනතාව අද වනවිට ආණ්ඩුවට ගිලිහී ගොස් ඇතැයිද පැවසීය.