පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදය හා එහි තියෙන භාෂණයේ නිදහස අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට නැති කර ඇති බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි .

වැඩි දුරටත් අදහස් දැක්වූ රංජිත් මද්දුමබණ්ඩාර මහතා ,

ජනතාව විසින් තමන්ගේ නියෝජිතයන් තෝරා පත් කර එවන්නේ ජනතාවගේ ප්‍රශ්න ගැන කතා කරන්න අද පාර්ලිමේන්තුවේ ඇති වෙලා තියෙන අලුත්ම තත්ත්වය තමයි පාර්ලිමේන්තුවේ ජනතාවගේ හඬ මන්ත්‍රීවරු ඉදිරිපත් කරද්දි මැර බලයෙන් මන්ත්‍රීවරුන් මර්දනය කරන්න කටයුතු කරන එක.

කාරක සභා අවස්ථාවේ විපක්ෂයේ විවාදයේ යෙදී වැඩි කාලයක් දෙන්නේ විපක්ෂයට මේ දවස් ටිකේ අයවැය විවාධ තියෙනවා .ඊයේ තිබුණේ රටේ ආරක්ෂක අංශයත් ස්වදේශ කටයුතු භාර විෂය කතාව කරන්න ආරක්ෂක අංශය දවසේ විවාදයට සම්බන්ධ වෙද්දී විපක්ෂයේ මන්ත්‍රීවරුන් ගේ ආරක්ෂාවට විශාල බාධාවක් ,තර්ජනයක් ඇති වුණා. මැරකම් පාර්ලිමේන්තුවේ ප්‍රදර්ශනය කරා කථානායකතුමා ගෙන් අපි ඉල්ලා සිටිනවා අපේ කාලසීමාව ලබාදෙන්න සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුවේ සම්ප්‍රදාය තමයි කාලය දීර්ඝ කර ගන්න ඕන විපක්ෂයත් ආණ්ඩු පක්ෂය එකඟත්වය මත.නමුත් එතනදී කතා කරේ මනුෂ නානායක්කාර මන්ත්‍රීතුමා පාර්ලිමේන්තු සම්ප්‍රදාය කතාවක් අවසන් කරන තුරු බලපෑම් කරන්නෙත් නෑ නවත්තන්නෙත් නෑ ඊයේ මනුෂ නානායක්කාර මන්ත්‍රිතුමා කතාව කරගෙන යද්දි අවසන් කරන්න පෙර එතුමාගේ මයික් එක off කරා .මනුෂ නානායක්කාර මන්ත්‍රිතුමා කතානායක ළඟට ගියා ගිහින් එතුමා සමඟ සාකච්ඡා කරන කොට කතානායකතුමා ලෑස්ති වුණා එතුමට කාලය දෙන්න නමුත් කථානායකතුමාට ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක තුමා විසින් නියෝගයක් දුන්නා කතානායකතුමාට කතාව දෙන්න එපා කියලා පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වෙන්නේ ඒ ආකාරයටයි. මනුෂ නානායක්කාර මන්ත්‍රීතුමා ගිහිල්ලා කතානායක තුමත් එක්ක සාකච්ඡා කරන කොට ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක තුමා කථානායකතුමාගේ පුටුවටත් පිටිපස්සෙන් විරුද්ධ පක්ෂයට ඇවිල්ලා මනූෂ නානායක්කාර මන්ත්‍රීතුමාට තර්ජනය කරලා පහර දෙන්න ගියා ආණ්ඩු පක්ෂයේ සියළුම මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු සම්ප්‍රදායේ නීතිය විනාශ කරමින් වා කඩකරලා පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ඉඳලා විරුද්ධ පක්ෂයට ආවා කවදාවත් වෙන්නෙ නැති දෙයක් එසේ ඇවිත් අපේ මන්ත්‍රී වරුන්ට තර්ජනය කරලා පහර දෙන්නේ ගියා මේක තමයි අද පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදී අපට තියෙන භාෂණයේ නිදහස අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස නැති කරන තත්වයට පත්කරලා.

පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදය මූලික අංගය තමයි කතා කිරීමේ නිදහස ආණ්ඩුව ගැන විවේචනය කරන්නේ වැරදි කියද්දී ජනතාවගේ අදහස් ප්‍රකාශ කරද්දි මැර බලයෙන් අපිව මර්දනය කරන්න කටයුතු කරනවා එහිදී අපට මතක් වෙන්නේ කරු ජයසූරිය මැතිතුමාගේ කතානායක කාලයේ එතුමට පුටුවකින් පහර දුන්නා මේවා නැවත මතක් කරන්න ඕන මිරිස් දියර වලින් මිරිස් කුඩු වලින් පහර දුන්නා නැවත වරක් ඒ ත්‍රස්තවාදය ඇවිත් තියෙනවා.

මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී අද කියනවා 225ම එපා කියලා එහෙම වෙන්නේ මෙවැනි ක්‍රියාදාමයන් නිසා විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරු විදියටත් අපි දීර්ඝ කාලයක් පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරු විදියටත් ‍ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරනවා අපි ගහගන්න නෙමෙයි පාර්ලිමේන්තුවට එන්නේ නූගත් මිනිස්සු තනතුරුවලට පත් වුනාම ගහගන්න පාර්ලිමේන්තුවේ කතා කරන්නේ. තව පොඩ්ඩෙන් මනුෂ නානායක්කාර මන්ත්‍රීතුමා තල්ලු කරපු විදියට එතුමට විශාල හානියක් පිටිපස්සෙ ඉඳන් අපේ මන්ත්‍රීවරු අල්ලගත්තෙ නැතිනම් සිදු වෙනවා.

අපි බලාපොරොත්තු වෙනවා කතානායකවරයාට මේ සම්බන්ධයෙන් ලිපියක් යොමු කරන්න. අපි බලනවා ඒකට දෙන පිළිතුර මොකක්ද කියලා එහෙම වුනොත් අපට සිද්ධ වෙනවා පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංවිධානයට සම්බන්ධව වාර්තා කරන්න පැමිණිලි කරන්න . අපේ රෝහිණී කවිරත්න මන්ත්‍රීතුමිය සති දෙකකට කලින් පාර්ලිමේන්තුවේ කතා කරද්දී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක් කාන්තාවකට කරන්න පුළුවන් උපරිම විදියට අපහාසය කරලා සභාවට උචිත නොවන වචන ප්‍රකාශ කරල කාන්තා හිංසනය පිළිබඳ සතියේදී මේ කාන්තා මන්ත්‍රීතුමියට අපහාස, උපහාස කරා. නරක වචනයෙන් බැණ වැදුනා මේ සම්බන්ධව අපි කතානායක වරයාට පැමිණිලි කරා කිසිම උත්තරයක් සාධාරණ පිළිතුරක් ලැබුණේ නැහැ. මේ රටේ එක රටක් එක නීතියක් විදියට ඇවිල්ලා අද පාර්ලිමේන්තුවේ ජනාධිපතිතුමාගේ එක රටයි එක නීතියයි සංකල්පය වෙනුවට විපක්ෂයට එක නීතියක් ආණ්ඩු පක්ෂයට තව නීතියක් වෙලා. ජාතන්ත්‍රවාදයේ මුදුන් මල්කඩ පාර්ලිමේන්තුව. කරුණාකරලා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න කටයුතු කරන්න අපිට ඕන මේ පාර්ලිමේන්තුවට වැදගත් විදිහට කතා කරන පිරිසක් ඉන්න අපි දන්නවා අතීතය ගත්තම වාද විවාද ගිහින් තියෙනවා විහිළුතහළු ගිහින් තියෙනවා උපහාසාත්මක කතා ගිහින් තියෙනවා එහෙම තමයි පාර්ලිමේන්තු සම්ප්‍රදාය නමුත් ගහගන්න මිරිස්කුඩු වලින් පුටුවලින් ගහන්න මන්ත්‍රීවරුන්ට ගහන සම්ප්‍රදායක් නැහැ. අපි කියන්නේ අද ආණ්ඩුව වැටෙනකොට ආණ්ඩුව ජනතාවගේ විවේචන එල්ල වෙනකොට අද මැර බලයෙන් විපක්ෂය මර්දනය කරන්න මේ අය කටයුතු කරනවා අපි විපක්ෂය විදිහට ඒ වෙනුවෙන් පෙනී සිටිනවා.

කතානායකවරයාට අපි කියනවා මේ සම්බන්ධව සාධාරණ තීන්දුවක් ගන්න සාධාරණ පරීක්ෂණයක් කරන්න.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට කථානායකතුමා එක්ක ගිහිල්ලා සාකච්ඡා කරන්න යමක් ඉදිරිපත් කරන්න අවස්ථාව තියෙනවා. අපි පාර්ලිමේන්තුවේ දී අද උදේ ඇහුවා අපේ මන්ත්‍රීවරු ඔබතුමාට තර්ජනය කරා ද කියලා . එතුමා නැහැ කිව්වා මේ කතා හදනවා දිනේෂ් ගුණවර්ධන මහත්තයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට තමන්ට තියෙන අසාධාරණයක් සම්බන්ධව කියන්න තියෙන එකම තැන තමයි කතානායක ඒකයි.මනුෂ්‍ය නානායක්කාර මැතිතුමා ගිහිල්ලා කිව්වේ ජොන්ස්ටන් ප්‍රනාන්දු මැතිතුමා මොකක්ද ආණ්ඩු පක්ෂයේ කථානායක තුමාගේ පුටුවටත් උඩින් මෙහා පැත්තට ඇවිල්ලා විපක්ෂයට ඇවිල්ලා පහර දෙන්න ගියා අපි දන්නවා මේවා අද ඊයේ නෙමෙයි එදා පුටුවකින් කතානායකට පහර දුන්නා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක. කරු ජයසූරිය මහත්තයාට පුටුවකින් පහර දුන්නා.

ඔහු මෙම අදහස් දැක්වූයේ අද(04) විපක්ෂ නායක කර්‍යාලයේ දීය.